Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ජනතාවගේ ආදරයට පාත්රව සිටින සිම්බා සිංහ පැටවාගේ පළමු උපන්දිනය සැමරීමට දෙහිවල සත්වෝද්‍යානය සැලසුම් කර තිබේ.
ජාතික සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ පැවසුවේ, පැටවාගේ පළමු උපන්දිනය සමරන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවයි.
2024 මාර්තු 17 වැනිදා සිම්බා සිංහ පැටවා උපත ලැබුවේ චණ්ඩි නම් සිංහයාට දාවයි.
සිම්බාගේ මව වන මීරා රිදියගම සෆාරි උද්‍යානයේ දී පැටවා බිහිකිරීමෙන් පසු කිරිදීම ප්‍රතික්ෂේප කර තිබිණි.
ඒ අනුව, 2023 මාර්තු 20 වැනි දින සිංහ පැටවා දෙහිවල සත්වෝද්‍යානය වෙත ගෙන එන ලදී.
දෙහිවල සත්වෝද්‍යානයේ සත්ව පාලක එරංග ශ්‍යාමල් සෝමසිරි පැවැසුවේ, සිම්බාට වට්ටෝරුවකට අනුව කිරි ලබාදුන් බවයි.
“අපගේ රැකවරණය යටතේ සත්වයා වඩාත් ශක්තිමත් හා සෙල්ලක්කාරව වැඩුණු පසු මාස හතරක් සම්පූර්ණ වූ විට අලි ඇත් පිටියේදී සිම්බාව මහජනතාව ඉදිරියට ගෙනගියා,” ඔහු පැවැසීය.
මේ වන විට සිම්බා කිලෝග්‍රෑම් 50 කට ආසන්න බරකින් යුක්තව වර්ධනය වී ඇති බව ද ඔහු සඳහන් කරයි.
සිම්බා මුලින්ම උදය වරුවේ සහ සවස් වරුවේ සංදර්ශන දෙකකදී ප්‍රදර්ශනය කළ ද සිම්බාගේ වර්ධනයත් සමග ප්රදර්ශනයඋදය වරුවට පමණක් සීමාවිය.
ප්‍රදර්ශනයේ තරුව වන සිම්බා, පිරවූ සෙල්ලම් බඩුවක් සමඟ සෙල්ලම් කරන අතරතුර රැකබලා ගන්නන් සමග පෙරළීම, දිවීම, වැළඳ ගැනීම ආදිය සිදුකරයි.
සත්ව පාලක ප්‍රවීණයෙකු වන කේ.අනුරශ්රී, සෙල්ලක්කාර සිම්බා සමඟ මහජන අන්තර්ක්‍රියා අධීක්ෂණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart