Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උදරය විශාල ලෙස ඉදිරියට නෙරා තිබුණු 61 හැවිරිදි කාන්තාවක මහනුවර පෞද්ගලික රෝහලකදී සැත්කමට ලක් කර ඇගේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් උදරයෙන් තෙල් (Fat) ලීටර් 13.5ක් ඉවත්කර තිබේ.
මේ කාන්තාවගේ උදර කුහරයේ තිබූ තෙල් ඉවත් කිරීමේ සැත්කමට (Liposuction) පැය තුනක පමණ කාලයක් ගත වූ බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ජයවර්ධන පවසයි.
මේ ආකාර සැත්කමකින් සාමාන්‍යයෙන් ඉවත් කරනු ලබන්නේ තෙල් ලීටර් 4-5 අතර ප්‍රමාණයක් බවත් මෙතරම් විශාල තෙල් ප්‍රමාණයක් ඉවත් කිරීමේ සැත්කමක් මෙරට පමණක් නොව ලොව වෙනත් රටක හෝ සිදුව ඇති බවක් වාර්තා වී නොමැති බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.
සැත්කමට ලක් වූ විශ්‍රාමික ගුරුවරියක් වන 61 හැවිරිදි කාන්තාව එක්දරු මවක් බවත් ඇය කිසිදු සංකුලතාවකින් තොරව සුවෙන් පසුවන බවත් වෛද්‍යවරයා කීය.
අධි රුධිර පීඩනය, අධික තරබාරුව, කොන්දේ වේදනාව හා ඇවිදීමට අපහසු වීම වැනි රෝග තත්ත්ව හේතුවෙන් ඇය දැඩි පීඩාකාරි ජීවිතයක් ගත කරමින් සිට ඇත.
මෙයට තෙමසකට පෙර විශේෂඥ වෛද්‍ය ජයවර්ධන මහතා හමුවට පැමිණ තිබෙන ඇය ස්ථුල භාවය අඩු කරන (Bariatric surgery) සැත්කමකට ලක් කරනු ලැබ තිබේ.
ඉන් පසු ඇයගේ ශරීරයේ බර ශීඝ්‍රයෙන් අඩු වීම නිසා පහසුවෙන් ඇවිදීමට හැකි තත්ත්වයක් ඇති වූ බවත් වෛද්‍යවරයා කීය.
සැත්කමෙන් පසුද උදරය තවදුරටත් ඉදිරියට නෙරා එමින් විශාල වීම නිසා උදර කුහරයේ තෙල් ඉවත් කිරීම සඳහා ඊයේ (12) අදාළ සැත්කම සිදුකිරීමට පියවර ගත් බවද ඔහු පැවසීය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart