Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය සේවයේ වැන්දඹු / වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදලට ජීවන වියදම් දීමනාව සහ අයකර ගැනීමේ දායක මුදල් සංශෝධනය කිරීම පිළිබඳ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
එම චක්‍රලේඛයට අනුව, මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය තෙක් දැනට මසකට රාජ්‍ය සේවකයකු සදහා ගෙවනු ලබන රුපියල් 7,800ක ජීවන වියදම් දීමනාවට රුපියල් 5,000ක් එකතු කර රුපියල් 12,800ක් ගෙවිය යුතු වේ.
අප්‍රේල් මාසයේ සිට රුපියල් 12,800ක ජීවන වියදම් දීමනාවට රුපියල් 5,000ක් එකතු කර රුපියල් 17,800ක් ගෙවිය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.
2024 අයවැය යෝජනාවලට අනුව, මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය තෙක් වූ හිඟ ජීවන වියදම් දීමනාව 2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මාර්තු තෙක් මාසිකව රුපියල් 5,000 බැගින් ගෙවා අවසන් කළ යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දී ඇත.
සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙන් මේ වසරේ අප්‍රේල් මාසයේ සිට වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායකත්වය ලෙස සියයට 08ක මුදලක් අය කිරීමට ද කටයුතු කරන ලෙස එම චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.
මේ අතර මෙම ජිවින වියදම් දීමනාව ආධුනික හා පුහුණුලාභීන් සදහා, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සදහා, අනියම් දෛනික වැටුප් ලබන සේවකයන් සදහා සහ අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය සඳහා වලංගු බව සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart