January 10, 2024

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් සහ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු අතර හමුවක් සිදුව තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් ක්‍රීඩා ඇමැතිවරයා ඒ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් ICC ප්‍රධාන විධායක නිලධාරීවරයා සමග සිදුකළ බව ක්‍රීඩා ඇමැතිවරයා එමගින් ප්‍රකාශ කර තිබේ.