Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොළොන්නරුවට ඇදහැළෙන මහ වැසි හේතුවෙන් දිස්ත්‍රික්කයේ ලොකු – කුඩා වැව් හා ජලාශ වාන් දැමීමට පටන් ගැනීමත් සමග යළිත් ගංවතුර තත්ත්වයක් ඇතිවීම නිසා නැවත දැනුම් දෙන තුරු පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා කොටස වසාදැමීමට තීරණය කළ බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
එහි සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් පවසන්නේ, දිස්ත්‍රික්කයේ සියලු ලොකු කුඩා වැව් හා ජලාශ මේ වන විට වාන්දැමීමේ මට්ටම කරා ළඟා වී ඇති බවයි.
ඊයේ (09) රාත්‍රියේ පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා කොටස වසාදැමීමට සිදුවුවත් අද (10) පෙරවරුවේ බර වාහනවලට පමණක් එහි ගමනාගමනය සඳහා අවසර ලබා දී තිබූ බව ද හෙතෙම පැවැසීය.
කෙසේවෙතත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අද (10) සවස 2.00 ට විවෘත කිරීමත් සමග යළිත් මහා මාර්ගය ජලයෙන් යටවන බැවින් එය වසාදැමීමට තීරණය කළ බව හෙතෙම වැඩිදුරටත් කීය.
මෙම තත්ත්වය නිසා ගමනාගමන පහසුව සඳහා විශේෂ දුම්රියක් කදුරුවෙල – මනම්පිටිය අතර ධාවනයට යොදවා තිබෙන බව ද ඔහු සඳහන් කරයි.
පරාක්‍රම සමුද්‍රය භාර ප්‍රධාන ඉංජිනේරු අංජන අබේසිංහ පවසන්නේ, පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 10ම අඩි 02 බැගින් විවෘත කිරීමට සිදු වූ බවත්, ඉන් තත්පරයට ජලය ඝණ අඩි 2,500ක් අඹන් ගඟට මුදාහැරෙන බැවින් පහත් බිම් හා විශේෂයෙන්ම පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය ගල්ලෑල්ලේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.
තවදුරටත් කවුඩුල්ල හා මින්නේරිය ජලාශ ද වාන්දමමින් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart