January 8, 2024

2024 වර්ෂය ඉන්දියානු ආර්ථිකයට වාසනාවන්ත වසරක් හා එය ආර්ථික වර්ධනයේ කාලපරිච්ඡේදයකට මග පාදන බවට අපේක්ෂා කරයි.

ඉන්දියාව 2023දී ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.7 සිට 2024 දී ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4ක ආර්ථිකයක් ගොඩනගන බව ඇස්තමේන්තුගත කර ඇත.

වර්තමාන ඇස්තමේන්තුවට අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ඒක පුද්ගල ආදායම 2023 දී ඇමෙරිකානු ඩොලර් 2538 සිට 2024 දී ඇමෙරිකානු ඩොලර් 2784 දක්වා ඉහළ යන අතර, මෙම ඒක පුද්ගල ආදායම 9.6% දක්වා ඉහළ යාම ඉන්දීය ආර්ථිකයේ ධනාත්මක වර්ධනය පිළිබිඹු කරයි.

ඒ අනුව, පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ ශක්තිය ඉහළ යෑම, නිෂ්පාදන හැකියාව ඉහළ යෑම, කර්මාන්තශාලා තුළ නව රැකියා උත්පාදනය සමඟ ඉල්ලුමේ සහ සැපයුමේ ධනාත්මකබව ප්‍රවර්ධනය කරයි.

2023 දී සියයට 31.7 සිට 2024දී සියයට 31.8 දක්වා මුළු ආයෝජනයේ වැඩි වන බවත්, භාණ්ඩ හා සේවා අපනයන පරිමාව සියයට 4.6 දක්වා ඉහළ යනු ඇති බවටත් අපේක්ෂා කෙරේ.

ව්‍යාපාරික කාර්යක්ෂමතාව වැඩි දියුණු කර, ගෝලීය ආයෝජන ආකර්ෂණය කරගැනීමට සහ දේශීය, අන්තර්ජාතික ව්‍යවසායන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම ඉන්දීය රජයේ උපාය මාර්ගික පියවරයන් ලෙස හදුන්වා දී තිබේ.