January 10, 2024

විශ්‍රාම වැටුප් ගෙවීමේදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් මේ වන විට විශ්‍රාම වැටුප්ලාභීන්ගෙන් නීත්‍යනුකුල නොවන විමසීම් සිදුකරන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර අනාවරණය කරයි.

මන්ත්‍රීවරයා පවසන ආකාරයට විශ්‍රාම වැටුප් ලබාදීමට නම්, විවාහ සහතිකයට අමතරව, අදාළ විවාහය තවමත් පවතින්නේද? එම විවාහය යුවල එකට වාසය කරන්නේද? යන ප්‍රශ්නද දෙපාර්තමේන්තුව විසින් විමසනු ලබයි.

එවැනි ප්‍රශ්න විමසීමක් කිරීමට දෙපාර්තමේන්තුවට බලයක් නොමැති බවත්, මේ සිදුකරමින් පවතින්නේ, විශ්‍රාම වැටුප් කප්පාදුවක් බවත් අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“පසුගිය දිනවල විශ්‍රාම වැටුප් ලබාදීමේදී ගැටලු කිහිපයකට මුහුණ දීලා තිබුණා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නීතියට පිටින් ගිහිල්ලා ඒ අයගේ කසාදය තාම තියෙනවාද? ඒ අය එකට ජීවත් වෙනවාද? එහෙම නැත්නම් මේ ගෙවීම් කරන්නේ නෑ කියලා තීන්දු අරන් තිබුණා.

විවෘත වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික කාරක සභාවට ඔම්බස්මන්වරයා ආපු වෙලාවේ ඔහු පිළිගත්තා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නීතියට පිට ඇතැම් මේ තීන්දු කරලා තියෙනවා කියලා.

ඕම්බුඩ්ස්මන් කියන්නෙ විශ්‍රාමික මහාධිකරණ විනිශ්චයකාරවයෙක්. ඔහු වැන්දඹු අනත්දරු අරමුදල වෙත යම්කිසි ගෙවීමක් කරන්න කියලා නියෝග කර තිබුණා. ඒ ගෙවීම කරනවිට විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා අහලා තියෙනවා මේ අය කසාද බැඳලා එකට ඉන්නවාද? ඒක නීතියට අදාළ කාරණයක් නෙවෙයි. කසාද සහතිකය තියෙනවා නම් නීතිමය ලියවිලි තියෙනවා නම් හරි.

එවැනි යම් යම් දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි පසුගිය 13 වැනිදා අපේ වාර්තාවක් ඉදිරිපත් කළා.”

42.31%
17.27%
32.76%