Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුලතිව් පුදුකුඩිරුප්පු ප්‍රදේශයේ භූමිතෙල් මිශ්‍ර ජලය සහිත පානීය ළිඳක් ප්‍රදේශවාසීන්ට වදයක් බවට පත්ව තිබේ.
ළිඳළිඳේ හිමිකරුගෙන් ලද තොරතුරක් මත පුදුකුඩිරුප්පු පොලිසිය එම ස්ථානයට ගොස් ළිඳ භාවිත නොකරන ලෙස ජනතාවට දැනුම් දුන්නේය.
ළිඳ දිගු කාලයක සිට අතහැර දමා තිබූ බවත් එය නැවත පිරිසිදු කර භාවිතයට ගැනීමට තීරණය කළ බවත් හිමිකරු පවසා ඇත.
කෙසේවෙතත් වතුර අදිනවිට භූමිතෙල් ගඳ වහනය වන බැවින් තමන් වහා ඒ ගැන ග්‍රාම නිලධාරීවරයාට දන්වා ඔහු හරහා පොලිසියට දැනුම් දුන් බව ඔහු සඳහන් කර ඇත.
වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන තෙක් ප්‍රදේශය වටකර ඇති අතර, පරීක්ෂණ අවසන් වනතුරු එම ස්ථානයට නොයන ලෙසත්, ළිඳ කිසිදු කටයුත්තකට භාවිත නොකරන ලෙසත් පොලිසිය ජනතාවට දැනුම් දී තිබේ.
ළිඳ ආසන්නයේ එල්.ටී.ටී.ඊ. කඳවුරක් පිහිටා තිබූ බවත් භූගත ඉන්ධන ගබඩාවක කාන්දුවක් හේතුවෙන් භූමිතෙල් ළිඳට කාන්දු වන්නට ඇති බවත් පොලිසිය පවසයි.
මේ පිළිබඳ වාර්තාවක් මුලතිව් මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර, ඒ අවට ප‍්‍රදේශයේ කැණීම් කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart