Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රතු මුහුද හරහා මෙරටට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව නොදුනහොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක්වන බවට ජනපති රනිල් වික්‍රමසිංහ ඇමැතිවරුන් කිහිපදෙනෙකු ජනාධිපති කාර්යාලයේදී ඊයේ (8) පෙරවරුවේ මුණගැසුණු අවස්ථාවේදී පවසා ඇත.
රතු මුහුදේ ආරක්ෂාවට නෞකා යෙදවීමට වැයවන මුදල දෙස බලා එම කටයුත්තෙන් ඉවත් වුවහොත් මෙරටට නැව් නොපැමිණීමෙන් දැවැන්ත පාඩුවක් රටට දැරීමට සිදුවන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.
හූති සටන්කාමීන් නිසා මේ වන විට බොහෝ නෞකා රතු මුහුද මගහැර වෙනත් මාර්ග භාවිත කිරීම නිසා නෞකා ප්‍රවාහන ගාස්තු ඉහළ දමා ඇතැයි පැවැසූ හෙතෙම, කොළඹ වරායට නෞකාවක් පැමිණීමට දකුණු අප්‍රිකාව වැනි රටවල් දෙසට ගොස් පැමිණීමට සිදුවන බැවින් මෙරටට ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්ගේ මිල ඉහළ යෑමට ඉඩ ඇති බව ද ප්‍රකාශ කර තිබේ.
තම රටවලට එන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව සැපයීමට කලාපයේ අනෙකුත් රටවල් ද මේ වන විටත් ඉදිරියට පැමිණ තිබෙන බවත්, පාරාක්‍රමබාහු රජ සමයෙන් පසුව අන්තර්ජාතික මුහුදේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවෙන් නෞකා යවන පළමු අවස්ථාව මෙය බවත්, ජනාධිපතිවරයා සඳහන් කරයි.
රතු මුහුදට ලංකාවේ යුද්ධ නැව් යවනුයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව සැපයීමට මිසක රාජ්‍යයන් අතර ඇතිව තිබෙන යුද්ධයන්ට සහය දීමට නොවන බවත්, මීට අවුරුදු එකහමාරකට පෙර ඉන්ධන නෞකාවක් එනතුරු මග බලා සිටි රටක් වූ ශ්‍රී ලංකාව දැන් අන්තර්ජාතික මුහුදේ ආරක්ෂාවට නෞකා යවන තත්ත්වයට පත්ව තිබෙන බවත්, ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart