Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හඳුනාගත් අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙමින් උතුරේ සෞඛ්‍ය හා අධ්‍යාපන අභියෝගවලට මුහුණදීම සඳහා කඩිනම් මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතිඥා දී ඇත.
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති හමුවකදී සෞඛ්‍ය, අධ්‍යාපන සහ තරුණ ප්‍රජාවගේ නියෝජිතයන් හමු වූ අවස්ථාවේ ජනාධිපතිවරයා මෙම කැපවීම ප්‍රකාශකර තිබේ.
යාපනයේ ශික්ෂණ රෝහලක් සඳහා ඉඩම් වෙන් කිරීම සහ ගුරු පුරප්පාඩු විසඳීම සඳහා අරමුදල් ලබා ගැනීම මෙම සැලසුම්වලට ඇතුළත්ය.
සිය ගැටලු සඳහා යෝජිත විසඳුම් සඳහා මෙම ක්ෂේත්රවල පුද්ගලයන් 300ක් පමණ පැමිණ සිටියහ.
උතුරු පළාත ජාතික ආර්ථිකයට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය සෑම සහයක්ම ලබාදෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් ලෙස සහ තරුණ ප්‍රජාව ලෙස තම දායකත්වය ලබාදෙන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
යාපනය විශ්වවිද්‍යාලයේ පවතින අඩුපාඩු සහ එහි භෞතික සම්පත් සහ මානව සම්පත් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවලියක් ද මෙහිදී යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක විසින් ජනාධිපතිවරයා වෙත භාර දුන්නාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart