Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථික අර්බුදය, ඉන්ධන හිඟය සහ මුදල් අවප්‍රමාණය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව පදනම් කරගත් ජපාන සමාගම් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව ජපාන විදේශ වෙළඳ සංවිධානය (ජෙට්රෝ ) විසින් වාර්ෂිකව කරන ලද සමීක්ෂණයකට අනුව හෙළිවී තිබේ.
2023 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් අතර සිදු කරන ලද මෙම සමීක්ෂණය මගින් හෙළිවී ඇත්තේ පැවති එම තත්ත්වය සමාගම්වලින් සියයට 80කගේ පමණ මෙහෙයුම්වලට අහිතකර ලෙස බලපා ඇති බවයි.
සියයට 13.3ක් පමණ වූ සමාගම් තමන්ට බලපෑමක් නොමැති බව ප්‍රකාශ කර තිබේ.
“ශ්‍රී ලංකාවේ ජපන් සමාගම්වලට ආර්ථික අර්බුදයේ බලපෑම මුලින් උපකල්පනය කළාට වඩා බරපතළ වී තිබෙනවා” යනුවෙන් ජෙට්රෝ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
සියයට 82.6ක් වැනි ඉහළම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉන්ධන හිඟය හේතුවෙනි.
මුදල් අවප්‍රමාණය වීම සියයට 60.9ක් වැනි බලපෑමක් එල්ල කර ඇත.
තෙවැනි විශාලතම බලපෑම එල්ල වූයේ විදුලි හිඟය නැතහොත් විදුලි කප්පාදුව හේතුවෙන් වන අතර එයද සියයට 60.9ක මට්ටමක පවතී.
ආදායම් බදු සහ අනෙකුත් බදු වැඩිකිරීම්වල බලපෑම ද සියයට 60.9ක් වී තිබේ.
කෙසේවෙතත් මෙම ව්‍යාපාර දැන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.
සමීක්ෂණයට ලක් කළ සමාගම් අතරින් සියයට 33.3ක් තම ව්‍යාපාරය පසුගිය වසරට වඩා ‘වැඩිදියුණු වී ඇති’ බවත්, සියයට 50ක් එය නොවෙනස්ව පවතින බවත්, සියයට 16.7ක් තත්ත්වය ‘නරළ වී ඇති’ බවත් ප්‍රකාශ කර ඇත.
වැඩිදියුණු වූ සමාගම් පෙන්වා දී ඇත්තේ පෙට්‍රල් සහ ඉන්ධන හිඟය අවසන් වීම සියයට 75.0ක් , විදුලි කප්පාදුව ඉවත් වීම සියයට 75.0ක් , ප්‍රවාහන ගැටලු විසඳීම සියයට 37.5ක් සහ මිල වැඩිවීම් සමථයකට පත් වීම සියයට 37.5ක් ලෙස ඔවුන් දක්වන බවයි.
මේ අතර, ප්‍රශ්න තිබියදීත් ජපන් සමාගම් තවමත් රට තුළ රැඳී සිටීමට කැමැත්ත පළකර තිබේ.
“ඉදිරි වසර 1-2 තුළ ව්‍යාපාර සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන්, කිසිදු සමාගමක් ඔවුන් තුන්වැනි රටකට යන බවට හෝ ඉවත්වන බවට ප්‍රතිචාර දැක්වූයේ නැත, ” යනුවෙන් සමීක්ෂණ ආයතනය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart