January 5, 2024

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමට පනවා ඇති තහනම තවත් මාස 06ක කාලයකට දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥාපනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ පවතින රෙගුලාසිවලට අනුව 2024 ජනවාරි 05 වන දින පස්වරු 04 : 30 සිට බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය ක්‍රියාත්මක බව මහ බැංකුව පවසයි.

මෙතෙක් නිසි ලෙස කිසිවෙකුට දඬුවම් නොලැබුණු ශ්‍රී ලංකාවේ විශාලතම මුළ්‍ය දුෂණය වන මහබැංකු බැඳුම්කර වංචාව සිදුවී මේ වන විට වසර 08ක් සම්පූර්ණ වී තිබේ.

2015 පෙබරවාරි 27 වන දින නිසි ක්‍රියාදාමයෙන් සහ උපාය මාර්ගයන්ගෙන් බැහැරව ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ
විශාලතම මූල්‍ය වංචාව එය විය.

මෙම බැදුම්කර වංචාවට සම්බන්ධ පාර්ශ්වයන් වන්නේ, මේ වන විට රටින් පළාගොස් සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හිමිකරු අර්ජුන් ඇලෝසියස්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන අයයි.

2017 වසරේදී එවක ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කළ ජනාධිපති කොමිසමේදී අර්ජුන
මහේන්ද්‍රන්, අර්ජුන ‍ඇලෝසියස්, කසුන් පාලිසේන, පර්පෙචුවල් ටෙෂරීස් සමාගම, ශ්‍රී ලංකා මහබැංකුව සහ සේවක අර්ථසාධක අරමුදලේ ඇතැම් නිලධාරීන් මහ බැංකු බැදුම්කර වංචාවට සෘජුවම වගකිව යුතු බව එළිදරව් කෙරිණි.