January 5, 2024

නොච්චියාගම ප්‍රදේශයේ අක්කර 400කට අධික බඩ ඉරිඟු වගා භූමි ප්‍රමාණයකට සැළකිවයුතු හානියක් සිදුකරන පණු උවදුරක් හේතුවෙන් ගොවීහු කණස්සල්ලට පත්ව සිටිති.

බඩ ඉරිඟු කරල් තුළ දක්නට ලැබෙන හඳුනා නොගත් මෙම පණුවන් තල්ගස්වැව ප්‍රදේශයේ ගොවීන්ගේ ජීවනෝපායට දැඩි තර්ජනයක් එල්ල කර තිබේ.

කෘෂිකාර්මික බලධාරීන් කඩිනමින් මැදිහත් වී උවදුර හඳුනාගෙන සුදුසු පාලන ක්‍රම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම ලබාදෙන ලෙස ගොවීහු ඉල්ලා සිටිති.

42.31%
17.27%
32.76%