January 5, 2024

මෙරට ප්‍රබල දේශපාලන පක්ෂයක් සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවට විරුද්ධව අසත්‍ය පුවත් නිර්මාණය කිරීමට වැටුප් ගෙවමින් 2000ක කණ්ඩායමක් බඳවාගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් පවසයි.

දිනපතා ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සමාජ මාධ්‍යවලට මුදාහැර, බඳවාගත් කණ්ඩායම සකස් කළ මඩ ප්‍රචාර, අවලාද සහ ආණ්ඩුවේ නායකයන් අප්‍රසාදයට ලක්කිරීම් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ පළවන බවද එජාප උප නායකයා සදහන් කරයි.

ජනතාව රවටා දේශපාලනය කිරීමේ උපක්‍රම තෝරමින් සිටින මෙම ප්‍රබල දේශපාලන පක්ෂය සහ ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරන කණ්ඩායම ජනතාවගේ මනස විකෘති කිරීමට ‘ගොබෙල්ස් න්‍යාය’ අනුගමනය කරන බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උප නායක අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කර ඇත.(මව්බිම)

42.31%
17.27%
32.76%