January 5, 2024

බදු අයකිරීම වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නීතිමය ක්‍රියාවලියේ සිදුකිරීමට නියමිත වෙනස්කම් පිළිබඳව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පවත්වා ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව නියාමනය කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධන ගෙන ඒම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මෙම රැස්වීම අමතමින් පැහැදිලි කර ඇත්තේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදී ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවා හඳුනාගෙන ඇති ගැටලු රැසක් පවතින බව ප්‍රකාශ කළ බවයි.

බදු නොගෙවා ඕනෑම පුද්ගලයකුට වසර 15ක් සිටිය හැකි බවද මූලාසනය මෙහිදී වැඩිදුරටත් පෙන්වාදී ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට, පවතින පනත යටතේ බදු ගොනුවක් තක්සේරු කිරීමට මාස 30ක් සහ අභියාචනා සළකා බැලීමට තවත් මාස 24ක කාලයක් ලබාදී ඇත.

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාස 54කට වැඩි කාලයක් බදු ලිපිගොනුවක් පවතින අතර බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනා කළ පසු පනතට අනුව වසර 02ක කාලයක් හිමිවන බවද ඔහු පැවැසීය.

ඉන් අනතුරුව අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කළ හැකි බවත් ඒ සඳහා වසර 15ක පමණ කාලයක් ගතවනු ඇති බවත් ඔහු අනාවරණය කළේය.

42.31%
17.27%
32.76%