January 4, 2024

මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුළත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර විසින් කැබිනට් මණ්ඩලයට යොමුකරන ලද කැබිනට් පත්‍රිකාව පදනම් කරගෙන පත්කරන ලද කමිටුව අද (01) ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

මෙම කමිටුව විසින් මාස තුනක කාලායක් තුළ පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් වන යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළයුතුය.

රටේ ශ්‍රම බලකායෙන් සියයට 60ක් පමණ නියෝජනය වන අවිධිමත් අංශයේ ශ්‍රමිකයන් කිසිදු සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට ඇතුළත් නොවීම සම්බන්ධයෙන්ද ඇමැතිවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.

රටේ ශ්‍රම බලකායෙන් සියයට 60ක් පමණ වන අවිධිමත් අංශයේ ශ්‍රමිකයන් ඇතුළුව සියලුම ශ්‍රමිකයන් පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට ඇතුළුත් කිරීම සඳහා වන විධිමත් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළයුතු බවද, ඒ සඳහා වන ක්‍රමවේදය සකස්කර මාස තුනක් ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළයුතු බවද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කරනු ලැබීය.

විධිමත් අංශයේ සේවය කරනු ලබන පිරිස් මෙන්ම තවත් මිලියන ගණනක පිරිසක් අවිධිමත් අංශයේ සේවය කරනු ලබන බවත්, ඔවුන්ගේ ශ්‍රමයට අභිමාණයක් සහ ගරුත්වක් ලබාදීම සඳහා “ගරු සරු” නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවත් ඇමැතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධයෙන් වූ උපදේශණ සැසිවාර කඩිනමින් පවත්වා මාස තුනක් ඇතුළත අදාළ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද ඇමැතිවරයා විසින් මෙහිදී කමිටු සමාජිකයන්ට උපදෙස් ලබාදෙනු ලැබීය.

මෙම කමිටුව ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමුකරන ලද කැබිනට් පත්‍රිකාව පදනම්කරගෙන ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් පත්කරනු ලැබීය.

මෙම සැසිවාරයේදී ලර්න් ඒෂියා ආයතනය විසින් සමාජ ආරක්ෂණ ක්‍රමවේද සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින් අනාවරණය කරගත් තොරතුරුද ඉදිරිපත් කරනු ලැබීය.

ඒ සඳහා මහාචාර්ය රොහාන් සමරජීව ඇතුළු කණ්ඩායමක් එම ආයතනය නියෝජනය කරමින්  එක්ව සිටියහ.

42.31%
17.27%
32.76%