January 4, 2024

හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු පිරිසට පසුගියදා ‘හූ’ කියන ලද්දේ ඔහුගේ ගමේම ජනතාව බවත්, ඔවුන්ට මොළයක් තිබුණා නම්, අලුත් අවුරුද්ද උදාවන විටම, රටේ ජනතාවට බඩේ පහර ගසා ඔවුන් අතරටම නොයන බවත්, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පවසයි.

හිටපු කෘෂිකර්ම ඇමැති එස්.එම්. චන්ද්‍රසේන සහ උතුරු මැද හිටපු ප්‍රධාන ඇමැති එස්.එම් රංජිත් යන අයට පසුගියදා තඹුත්තේගමදී එල්ලවූ මෙම මහජන විරෝධය සම්බන්ධයෙන්, දඹුල්ලේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙසේ සඳහන් කර තිබේ.

“එස්.එම්.ලට මහජනතාව හූ කියපු සිද්දිය අපි මාධ්‍ය මගින් දැක්කා. එස්.එම්. කියනකොට ගොවි ජනතාවට මතක් වෙන්නේ මාවිල්ආරු වන්දි සිද්දිය. ඒව ගොවි ජනතාවට අමතක නැහැ. එස්.එම්.ලට හූ කිව්වේ පිට කවුරුත් නෙවෙයි. එයාලගෙම ගමේම අය තමයි. ගමේම අයත් එයාලට මෙහෙම හූ කියල එලවනවනම් ඒ අයට ගමෙන් පිට කොහොම වෙයි ද?

එස්.එම්.ලට විතරක් නෙවෙයි හිටපු කෘෂීකර්ම ඇමති මහින්දානන්දලා. එයා තමයි මේ පොහොර ප්‍රශ්න ඇතිකෙරුවේ. ඒ විතරක් නෙවෙයි, ඔය කැබිනට් මණ්ඩලයටම මේ ආණ්ඩුවටම හූ කියලා නෙවෙයි, ඔතනිං එහා දේවල් කරලා එළවන තැනට මේ රටේ ජනතාවගේ විරෝධන දැන් මෝදුවෙමින් එන්නේ.

චන්ද්‍රෙස්නලාට පොඩ්ඩක් හරි මොළේ කළඳක් හරි තිබුණ නම්, මෙච්චර මේ අලුත් අවුරුද්ද පටන් ගන්නකොටම රටේ ජනතාව බඩේ පහර ගහලා ඒ මිනිස්සු අතරට ඔහොම යන්නේ නෑ.

පහුගිය දවස්වල තවත් විවිධ මැති ඇමැතිවරුන්ට හූ කිව්වා අපි දැක්කා. ඒ නිසා පරිස්සම් වෙලා ඉන්න. ඉස්සරහට මිනිස්සු අතරට එන්න එපා. හූ නෙවෙයි මිනිස්සු ගල් ගහන තැනට, මේ රටේ මිනිස්සු ඉදල් කොහු අරගෙන කාන්තාවෝ ඒ අයට පහර දෙන තැනට මහජන විරෝධය හැදිලා තියෙන්නේ.

මතකනේ, මාතර දිස්ත්‍රික්කයෙන් අපි දැක්කනේ කාන්තාවන්ගේ නැගිටීම. ඒවා හොදට මතක තියාගන්න. ඒ නිසා ගෙවල්වල කොසු තියෙනවා, ඉදල් තියෙනවා, හනසු තියෙනවා. එවගෙන් අතුගාන්න විතරක් නෙවෙයි තව වැඩ ඒවගෙන් ගන්න පුළුවන් කියන එක මේ ගොල්ලෝ මතක තියා ගන්න ඕනේ.”

42.31%
17.27%
32.76%