January 3, 2024

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායක චාමර වීරසිංහ සුවඅතට හැරෙමින් සිටින බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.

ඔහුට සවිකර තිබු ශ්වසන ආධාරක යන්ත්‍රය මේවන විට ඉවත්කර ඇති බව හෙතෙම සදහන් කරයි.

පුටුවක වැඩි වී සිටීමට ඔහුට හැකියාව ඇති නමුත්, ගීත ගායනා කිරීමට ඔහුට තව කාලයක් ගතවන බව වෛද්‍ය බෙල්ලන සඳහන් කරයි.

ඒ සදහා තවත් ප්‍රතිකාර හා කථන අභ්‍යාස කළ යුතු බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වාදෙයි.

චාමර වීරසිංහට ශ්වසන මාර්ගයේ ශල්‍යකර්මයක් සිදුනොකරන අතර, ඒ සදහා ආධාරකයක් පමණක් ලබාදීමට කටයුතු කර ඇති බව ඔහු විශේෂයෙන් සදහන් කර තිබේ.

42.31%
17.27%
32.76%