Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා විසිරි සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමේ ක්‍රීඩා ශක්ති වැඩසටහන සදහා 2023 වසරේදී ජාතික මට්ටමේ පැවති කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ තරගවලදී දක්ෂතා දැක්වූවන්ගෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අයැදුම්පත් කැදවා තිබේ.
වයස අවුරුදු 14 සිට 16 දක්වා යොවුන් සංචිතයට,වයස අවුරුදු 17 සිට 19 දක්වා කණිෂ්ඨ සංචිතයට සහ වයස අවුරුදු 20 සිට 23 දක්වා ජ්‍යෙෂ්ඨ සංචිතයට ක්‍රීඩක ක්‍රීඩාකාවන් සදහා ලබන 20 වන දිනට පෙර එම අයැදුම්පත් කැඳවීම සිදුකරයි.
මළල ක්‍රීඩා, ටෙබල් ටෙනිස්, වොලිබෝල්, බැඩ්මින්ටන්, බරඉසිලිම, පිහිනුම්, දුනුවිදිම, බොක්සිං, ජුඩෝ, ටයිකොන්ඩෝ, කබඩි, කරාතේ, නෙට්බෝල්, ඔරු පැදීම, වෙඩිතැබිම, ස්කෝෂ්, මල්ලවපොර, පාපැදි, හොකි, වුෂු, බාස්කට් බෝල්, ජිම්නාස්ටික්, කැනොයින් සහ කයාකින් යන ක්‍රීඩා ඉසව්වලදී දක්ෂතා දැක්වුන්ට ඊට අයැදුම් කළහැකිය.
ඉන් 750 දෙනකු තෝරාගැනීමෙන් පසු ඔවුන්ට ලබන පෙබරවාරි මස සිට දෙසැම්බර් මස දක්වා රුපියල් 10,000ක මාසික පෝෂණ දීමනාවක් හිමිවේ.
ක්‍රීඩා අධ්‍යක්ෂ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ,අංක 09 , පිලිප් ගුණවර්ධන මාවත, කොළඹ 07 යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අයදුම්පත් ඉදිරිපත් කල හැකිය.
0718130750 දුරකථන අංකය මගින් අයැදුම්පත් පිළිබඳ විස්තර ලබාගැනීමේ හැකියාව පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart