January 3, 2024

ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී පවුල්වලට බලපාන භාණ්ඩ 43ක් එකතු කළ අගය මත බදුවලින්(වැට්) නිදහස් කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අධ්‍යාපනය, ඖෂධ, සෞඛ්‍ය සේවා (රෝහල් කාමර ගාස්තු හැර), අත්‍යවශ්‍ය ආහාර සහ ධාන්‍ය වර්ග යන කාණ්ඩවලට ඇතුළත් භාණ්ඩ වර්ග 43ක් මෙලෙස වැට් බද්දෙන් නිදහස් කර ඇත.

කෙසේවෙතත් ඒ අතුරින් සමහර අත්‍යාවශ්‍ය ආහාර සහ ධාන්‍ය විශේෂ වෙළඳ භාණ්ඩ බද්දකට (SCL) යටත් වන බව දැකගත හැකිය.

ඒ අනුව අගය එකතු කළ බද්දෙන්(වැට්) නිදහස් කර ඇති භාණ්ඩ 138ක් ශ්‍රී ලංකාව සතුව පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මෙලෙස අලුතින් වැට් බද්දෙන් නිදහස් කළ භාණ්ඩ ලැයිස්තුව ඇතුළත් මුදල් අමාත්‍යංශය නිකුත් කළ ජනමාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

42.31%
17.27%
32.76%