Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මානුෂීය මෙහෙයුමේ හැරවුම් ලක්ෂය වූ කිලිනොච්චිය මුදාගත් ජනවාරි දෙවැනි දිනයේදීම දෙමළ ඩයස්පෝරාව සහ භික්ෂූන් වහන්සේලා හත්නමක් විසින් ඉදිරිපත් කර තිබෙන රට බෙදන හිමාලයා ප්‍රකාශනය පිළිබඳව කතාකිරීමට සිදුවීම පිළිබඳව තමන් කණගාටු වන බව 57 වැනි සේනාංකයේ ආඥාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ඩයස් ඊයේ (02) ඇන්.ඇම්.පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවැති ජනමාධ්‍ය හමුවේ දී පවසා ඇත.
තමන් නමවත් අසා නොමැති භික්ෂූන් වහන්සේලා හත්නමක් දෙමළ ඩයස්පෝරාවේ සුරේන් සමග ගොස් හිමාලයා ප්‍රකාශනය ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බවත්, ජනතාව පාර්ලිමේන්තුව නියෝජිතයන් හමු වී එම යෝජනාවලියට සහාය නොදෙන ලෙස ඉල්ලා සිටිය යුතු බවත්, ඔහු පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පවසා තිබේ.
”අතීතයේ දී අවස්ථා 17 කදී මේ රට ආක්‍රමණය කර තිබෙනවා. එම ආක්‍රමණ කර තිබෙන්නේ ඉන්දියානු ජාතිකයන් සහ පෘතුගිසි, ලන්දේසි, ඉංග්‍රීසි. එම ආක්‍රමණයන්ට මම තවත් ආක්‍රමණ කිහිපයක් එකතු කරනවා.
එම එක ආක්‍රමණයක් සිද්ධ වූයේ 2015 දී. එම ආක්‍රමණය මගින් බටහිර රටවල බලපෑම් වලට යටත් නොවී යුද්ධයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැතිවරණයෙන් පරාජයට පත් කළා. එක ආක්‍රමණයක්. ඊට පසුව 69 ලක්ෂයක් ඡන්දය ගත්ත ජනාධිපතිවරයා ගෙදර යැව්වා. අද හිමාලයා ප්‍රකාශනය ඇවිත් තිබෙනවා. ඒකත් ආක්‍රමණයක්.”(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart