January 3, 2024

රට තුළ පවතින හිඟය මගහරවා ගැනීම සඳහා කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගැනීමට රජය තීරණය කර ඇත.

රජය මගින් ආනයනය කළහොත් ප්‍රසම්පාදන කටයතු සඳහා විශාල කාලයක් වැය වන බැවින් මෙම තීරණය ගත් බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසයි.

සහල් මිල ඉහළ යෑමත් සමග කීරි සම්බා ආනයනයට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමිවිය.

ඒ අනුව, සම්බා මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනයට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කෙරුණු නමුත්, එම ක්‍රියාවලිය මෙතෙක් අවසන්ව නැත.

පෞද්ගලික අංශයට සම්බා ආනයනට අවසර දීමත් සමග කඩිනමින් එම තොග දිවයිනට ලැබෙණු ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

42.31%
17.27%
32.76%