January 2, 2024

ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ඩේවිඩ් වෝනර්ගේ ‘බැගී ග්‍රීන්’ නම් වටිනා හිස්වැසුම අතුරුදහන් වී තිබේ.

මෙල්බර්න් සිට සිඩ්නි වෙත ඔහුගේ භාණ්ඩ සහිත බෑගය ප්‍රවාහනයේදී අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

පාකිස්තානයට එරෙහිව හෙට ආරම්භ වන SCG ටෙස්ට් තරගය අවසන් වනවිට ටෙස්ට් පිටියෙන් විශ්‍රාම යන, ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු වන වෝනර්, සිය තොප්පිය අහිමි වීම පිළිබදව කනස්සල්ලට පත් වී තිබේ.

ප්‍රවාහනය අතරතුර වොනර්ගේ මෙම හිස්වැසුම සහිත බෑගය යමකු විසින් සොරාගෙන ඇතැයි සැකකෙරේ.
එම බෑගයේ වෝනර් සිය දරුවන් වෙනුවෙන් ගත් ත්‍යාගද තිබී ඇත.

හිස්වසුන ගත් අයකු සිටී නම්, නැවත ඔහුට ලබාදෙන ලෙස වෝනර් විසින් ඉල්ලීමක් කර තිබේ.

වෝනර් ඉන්ස්ටග්‍රෑම්හි සටහනක් තබමින් කියා සිටියේ, තමා රැදීසිටි හෝටලය සහ ගැවසුණු අනෙක් ස්ථානවල CCTV දර්ශන විමර්ශනය කළද, ඉන් කිසිදු තොරතුරක්  ලබාගත නොහැකි වූ බවයි.