December 22, 2023

පාකිස්ථාන පුරා සුළු ජාතීන්ට අපහාස කිරීම ත්‍රස්තවාදයක් බවට පත්ව තිබේ.

ඒ අනුව,මෙම වසරේ අගෝස්තු මාසයේදී ආගමට අපහාස කිරීමේ මුවාවෙන් ආගමික උන්මත්තකයන් විසින් පල්ලි අටකට සහ නිවාස කිහිපයකට පහර දී පුළුස්සා දමා ඇත.

පාකිස්ථාන රජය විසින් ප්‍රවර්ධනය කරන ලද, Tehreek-e-Labbaik Pakistan (TLP) වැනි අන්තවාදී කණ්ඩායම් මෙවැනි ක්‍රියා සිදුකරන බවට වාර්තා වේ.

ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ එක්සත් ජනපද කොමිසමට අනුව, අවම වශයෙන් පුද්ගලයන් 53 දෙනකු සුළු ජාතීන්ට අපහාස කිරීමේ චෝදනාමත සිරගතව සිටිති.

1927 සිට 1986 දක්වා කාලය තුළ වාර්තා වී ඇත්තේ, අපහාස 14ක් පමණි.

එහෙත්, 1986 සිට 2010 දක්වා කාලය තුළ එම සංඛ්‍යාව 1274 දක්වා ඉහළ ගොස් ඇත.

අසත්‍ය චෝදනා සමතයකට පත්කිරීමට පහසුවන ආකාරයෙන් නීති සම්පාදනය කිරීම මෙවැනි අපහසකිරීම් වැඩිවීමට හේතු වී තිබේ.

අපහාසයට එරෙහි නීති සෑම විටම රටේ දණ්ඩ නීති සංග්‍රහයේ කොටසක් වූ නමුත් ඒවා වඩාත් ශක්තිමත් වූයේ, ජෙනරාල් සියා-උල් හක්ගේ පාලන සමයේදී පමණක් බව වාර්තා වේ