December 30, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි20 තරඟාවලිය සඳහා එක්දින සහ විස්සයි20 තරඟ දෙක සඳහා වන අවසන් සංචිතය ප්‍රකාශයට පත්කර ඇත.

ඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂ සහ බිනුර ප්‍රනාන්දු සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරග 03 කින් සමන්විත විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකා මූලික සංචිතය සඳහා තෝරාගෙන තිබේ.

එක්දින සහ T20I තරඟාවලියක් සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි මස මුලදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

T20 තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 22 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර ඇති අතර, ඒ සඳහා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය හිමිව තිබේ.

වනිඳු හසරංග T20 සංචිතයේ නායකත්වය දරන අතර චරිත් අසලංක උපනායකයා ලෙස කටයුතු කරයි.

ඇන්ජලෝ මැතිව්ස් අවසන් වරට 2021 වසරේ විස්සයි20 ක්‍රීඩා කිරීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට එක්වෙයි.

මීට අමතරව භානුක රාජපක්ෂ, බිනුර ප්‍රනාන්දු සහ අකිල ධනංජය ද T20 සංචිතයට ඇතුළත් කර ඇත.

මේ අතර එක්දින සංචිතය කුසල් මෙන්ඩිස් විසින් මෙහෙයවනු ලබන අතර උපනායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරයි.

සිම්බාබ්වේ සමග පැවැත්වෙන T20 තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය:

1. වනිඳු හසරංග – නායක
2. චරිත් අසලංක – උප නායක
3. පැතුම් නිශ්ශනක
4. කුසල් මෙන්ඩිස්
5. සධීර සමරවික්‍රම
6. දසුන් ශානක
7. ඇන්ජලෝ මැතිව්ස්
8. ධනංජය ද සිල්වා
9. මහේෂ් තීක්ෂණ
10. කුසල් ජනිත් පෙරේරා
11. භානුක රාජපක්ෂ
12. කමිඳු මෙන්ඩිස්
13. දුනිත් වෙල්ලාලගේ
14. අකිල ධනංජය
15. ජෙෆ්රි වැන්ඩර්සේ
16. චාමික කරුණාරත්න
17. දුෂ්මන්ත චමීර
18. ඩිල්ෂාන් මධුශංක
19. බිනුර ප්‍රනාන්දු
20. නුවන් තුෂාර
21. ප්‍රමෝද් මධුෂාන්
22. මතීෂ පතිරණ

සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය:

1. කුසල් මෙන්ඩිස් – නායක
2. චරිත් අසලංක – උප නායක
3. පැතුම් නිශ්ශංක
4. අවිශ්ක ප්‍රනාන්දු
5. සධීර සමරවික්‍රම
6. සහන් ආරච්චිගේ
7. නුවනිදු ප්‍රනාන්දු
8. දසුන් ශානක
9. කමිඳු මෙන්ඩිස්
10. චාමික කරුණාරත්න
11. ජනිත් ලියනගේ
12. වනිඳු හසරංග
13. මහේෂ් තීක්ෂණ
14. ඩිල්ෂාන් මධුශංක
15. දුෂ්මන්ත චමීර
16. දුනිත් වෙල්ලාලගේ
17. ප්‍රමෝද් මධුෂාන්
18. අසිත ප්‍රනාන්දු
19. අකිල ධනංජය
20. ජෙෆ්රි වැන්ඩර්සේ
21. චාමික ගුණසේකර