December 29, 2023

මෙරට දෙමළ ප්‍රශ්නය ගැන කතා කළ ඉන්දීය නළුවකු සහ දේශපාලනඥයකු වූ විජයකාන්ත්ගේ අභාවය සම්බන්ධයෙන් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් ශෝකයට පත් වී තිබේ.

විජයකාන්ත් අසනීප තත්ත්වයෙන් සුවය ලබා නැවත සේවයේ යෙදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බව ජීවන් තොණ්ඩමන් ඇමැතිවරයා සඳහන් කර ඇත.

විජයකාන්ත් මෙරට දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සිය හඬ අවදි කළ බවත්, දිවංගත සිය පියා වන ආරුමුගම් තොණ්ඩමන් සමඟ සමීපව කටයුතු කළ බවත්, ඇමැතිවරයා සඳහන් කරයි.

පසුගිය නොවැම්බර් 20 වැනිදා සිට නියුමෝනියාව වැළඳීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි විජයකාන්ත් චෙන්නායි හි පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

2005 දී දේශිය මුර්පොක්කු ද්‍රවිඩ කසාගම් (ඩීඑම්ඩීකේ) පිහිටුවීමෙන් පසු විජයකාන්ත් දේශපාලනයට පිවිසි අතර තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මන්ත්‍රීවරයකු ලෙස දෙවරක් තේරී පත්ව ඇත.

ඔහු 2011 සිට 2016 දක්වා ප්‍රාන්තයේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ අතර, ජේ. ජයලලිතා සහ එම්. කරුණානිධි වැනි ප්‍රබලයන්ට එරෙහිව තමිල්නාඩු දේශපාලනයේ තුන්වැනි බලවේගයක් ලෙස ස්ථාපිත විය.

42.31%
17.27%
32.76%