December 28, 2023

මෙරටට ආනයනය කරන ලද ඖෂධ බහාලුම් 15ක් දැනට වරායේ රඳවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

මෙම ඖෂධ තොගය පෞද්ගලික අංශය විසින් ආනයනය කර තිබේ.

අදාළ ඖෂධ සමාගම් ලියාපදිංචි කිරීම ඇතුළු ගැටළු කිහිපයක් හේතුවෙන් නිෂ්කාශන නොලැබුණු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කර ඇති අතර, එම කමිටුවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, වෛද්‍ය සැපයුම් අංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළත් වන බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%