Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජංගම දුරකථන මිලදී ගැනීමට අපේක්ෂා කරන මහජනතාවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම කොමිෂන් සභාවේ පාරිභෝගික පැමිණිලි සහ මහජන දැනුවත් කිරීම පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ මේනකා පතිරණ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මිලදී ගැනීමේදී ජංගම දුරකථන ලියාපදිංචිය පරීක්ෂා කරන ලෙසයි.
IMEI <Space> නව දුරකථනයේ ඉලක්කම් 15කින් යුත් IMEI අංකය ටයිප් කර 1909ට කෙටි පණිවුඩයක් යැවීමෙන් ජංගම දුරකථනය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇත්දැයි පාරිභෝගිකයන්ට තහවුරු කර ගත හැකි බව ඇය ප්‍රකාශ කරයි.
ජංගම දුරකථනය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කර තිබේද නැද්ද යන්න තහවුරු කිරීම සඳහා ක්ෂණික ප්‍රතිචාර කෙටි පණිවුඩයක් එවන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
නව ජංගම දුරකථන සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය බව පැවසූ ඇය පාරිභෝගිකයාට අනාගතයේදී මුහුණ දිය හැකි ගැටලු මඟහරවා ගැනීමට සත්‍යාපන ක්‍රියාවලිය උපකාරී වනු ඇති බව සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart