Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සමුහය(ICIJ) විසින් හෙළිකරන ලද පැන්ඩෝරා පත්‍රිකාවල සොයාගැනීම්වලින් ප්‍රකාශ වී තිබුණු පරිදි ලන්ඩනයේ දේපළ හිමිකර ගැනීමට තමන් කටයුතු කර ඇති බවට එල්ල වන චෝදනා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ප්‍රතික්ෂේප කරයි.
අනවසරයෙන් පිටවී තිබූ පැන්ඩෝරා පත්‍රිකාවල වාර්තා සහ එක්සත් රාජධානියේ පොදු දේපළ ලේඛනය පිළිබඳ අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සමුහයේ විශ්ලේෂණයකින් පෙන්නුම් කරන්නේ, ජනමාධ්‍ය අධිපතියකු සහ දේශපාලනඥයකු වන ටිරාන් අලස්ට බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ්ස් සමාගම් දෙකක් හිමි බවයි.
පැන්ඩෝරා පත්‍රිකා යනු රටවල් ගණනාවක දේශපාලනඥයන්, ප්‍රසිද්ධ පුද්ගලයන්, ව්‍යාපාරිකයන් සහ අපරාධකරුවන්ගේ මූල්‍ය ගනුදෙනු සහ සැඟවුණු වත්කම් හෙළිදරව් කරමින් 2021 පිට වී තිබූ ලේඛන මිලියන 11.9ක සොයාගැනීම් වේ.
ඇමැතිවරයා පවසන්නේ, මෙම චෝදනා දේශීය මූලාශ්‍රවලින් ආරම්භ වූ බවත්, එම චෝදනාව සම්බන්ධයෙන් අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ විද්‍යුත් තැපෑලට පවා තමා ප්‍රතිචාර නොදැක්වූ බවයි.
“මම පිළිතුරු දුන්නේවත් නැත. වොෂින්ටනයේ හෝ කොහේ හරි මාධ්‍යවේදියකු මට ලිව්වා කියලා මම පිළිතුරු දෙන්නයන්නේ නැහැ. ඔවුන්ට විමර්ශනය කිරීමට ඉඩදෙන්න,” යනුවෙන් ඔහු එම සොයාගැනීම් පිළිබඳ ප්‍රශ්න කළ විට වාර්තාකරුවන්ට පවසා ඇත.
“මම මේ හැම දෙයක් ගැනම අදහස් දක්වන්න යන්නේ නැහැ. මම කියන්නට යන එකම දෙය නම්, ඔවුන් දැමූ සියලුම පෝස්ට් දෙස බලමින් මම සතුටු වුණා,” යනුවෙන් ද ඔහු පවසයි.
2006 දී ඩොලර් 960,000කට පමණ මිල දී ගත් ලන්ඩනයේ ධනවත් ප්‍රදේශයක පිහිටි මහල් නිවාසයක් අලස්ගේ බ්‍රොම්ප්ටන් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සතු බව අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සමුහයේ විශ්ලේෂණයෙන් සොයාගෙන ඇත.
සොයාගැනීම් වලට අනුව,ඔහුගේ දෙවන සමාගම වන Banham Ventures Ltd.වන අතර නගරයේ විචිත්‍රවත් චෙල්සියා ප්‍රදේශය අසල වෙනම දේපළක් 2008 සිට ඔහුට හිමිව ඇත.
ඔවුන් පැවසුවේ එකසත් රාජධානියේ වාර්තාවල මෙම මිලදී ගැනීම්වල මිල ලැයිස්තුගත කර නොමැති බවයි.
නිකුත්ව තිබූ ලිපිගොනුවල ප්‍රකාශයකට අනුව Banham Ventures Ltd. සමාගම්වලට මුදල් යෙදවීමට භාවිත කරන අරමුදල් ව්‍යාපාරිකයකු ලෙස අලස් උපයන ලද මුදල්ය.
63 හැවිරිදි ටිරාන් අලස් සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමෙන් පසු 2010 වසරේදී දේශපාලනයට පිවිසියේය.
ඔහු පසුගිය වසරේ පොලිසිය භාර ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක ඇමැතිවරයා ලෙස පත්කරන ලදී.
අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සමුහයේ සොයාගැනීම්වලට ප්‍රතිචාර දැක්වීමට කැමති දැයි ඇසූ විට ඔහු පවසා ඇත්තේ, “ඔවුන් කවුද? ඔවුන් මාධ්‍යවේදීන් පිරිසක්. ඔවුන් අන්තර්ජාතික මාධ්‍යවේදීන් වන නිසාම ඔවුන් ඔබ සැමට සමානයි. මම ඒ ගැන කිසිම දෙයකට උත්තර දෙන්න යන්නේ නැහැ. මටත් කියන්න පුළුවන් මම ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් කියලා කෙනෙක් ගැන යමක් ලියන්න. ඔවුන්ගේ වාර්තාවේ ඔබ දුටුවාද ඔවුන් සතුව එම සමාගම් සියල්ලම තිබුණත් ඔවුන් පවසන්නේ ඔවුන්ට කිසිදු විස්තරයක් ලබාගැනීමට නොහැකි වූ බවයි.” යනුවෙනි.(Economy Next)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart