Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනයේ කුඩා දූපත්වල ඉදිකිරීමට යෝජිත දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධතිය ප්‍රධාන සංචාරක ප්‍රදේශවලට සහ සංක්‍රමණික පක්ෂීන්ට තර්ජනයක් බව යාපනය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය පවසයි.
එම බලශක්ති පද්ධති ක්‍රියාත්මක වන්නේ ඉන්දීය රජයේ රුපියල් මිලියන 11ක ආංශික ආධාර යටතේය.
“අපි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඇත්තෙන්ම අගය කරනවා. එහෙත්, මූලික වශයෙන් සංචාරක ව්‍යාපාරය යටතේ එන ව්‍යාපෘතිය සඳහා ඔවුන් හඳුනාගෙන ඇති ප්‍රදේශ පිළිබඳ යම් යම් ගැටලු පවතිනවා. එපමණක් නොව, එය හම්බන්තොට ගුවන් තොටුපොළ වගේ සංක්‍රමණික පක්ෂීන්ට බාධා කරන තවත් ව්‍යාපෘති ආරම්භයක් වනු ඇති.”යනුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යාපනය වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය V. K. විග්නේෂ් පැවසීය.
සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.
එහෙත් මෙම සංචාරක ප්‍රදේශ ටර්බයිනවලට සහ සුළං බලාගාරවලට හසුවීමට නියමිත බව ඔහු පවසයි.
“මම හිතන්නේ ඒවා මීටර 300ට කිට්ටුව පිහිටයි කියලා. අපිට ඒක කිසිම කටයුත්තකට පාවිච්චි කරන්න බැහැ. එම ප්‍රදේශවල විශේෂයෙන් පුනරීන් ප්‍රදේශයේ සිට පුත්තලම ප්‍රදේශය දක්වා සුන්දර වෙරළ තීරයන් තියෙනවා. ඒ නිසා මේ ටර්බයින ඒ ප්‍රදේශවල සවිකළොත් ඒ සුන්දර භූ දර්ශන ප්‍රවර්ධනය කිරීම ඉතා අපහසුයි,” ඔහු පැවසීය.
යාපනය වාණිජ හා කර්මාන්ත මණ්ඩලයට අනුව, ඔවුන් දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ආර්ථික සංවර්ධනයේ මීළඟ මට්ටම සහ ඔවුන්ගේ අවශ්‍යතා ලෙස සළකයි.
මෙය අත්‍යවශ්‍ය බැවින් එක්කෝ ඔවුන්ට අනුවර්තනය වීමට හෝ ව්‍යාපෘතිය නතර කිරීමට සිදුවනු ඇති බව අදහසයි.
එපමණක් නොව,ටර්බයින මෙම ගම්මානවල සම්පූර්ණ සැකැස්මට බලපාන බැවින් ගම්වාසීන් ද ව්‍යාපෘතිය ගැන නොසතුටට පත්ව සිටින බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේ ප්‍රතිලාභ පෙන්වාදෙමින් ඔහු සඳහන් කළේ රට විශාල බලශක්ති හිඟයකට ලක්ව ඇති බැවින් මෙමගින් රටට තිරසාර බලශක්තිය සැපයීමට හැකිවන බවයි.
“එපමණක් නොව, දළ දේශීය නිෂ්පාදිතයට අපගේ දායකත්වය මෙයින් වැඩි වෙයි. නව රැකියා අවස්ථා උදාවේවි. අවම වශයෙන්, වෙරළබඩ ප්‍රදේශ වටා ඇති විශාල සම්පත පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සඳහා භාවිත කරන්න පුළුවන් වෙයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
යාපනය අර්ධද්වීපයේ ඩෙල්ෆ්, නයිනතිව් සහ අනලතිව් දුපත්වල වෙසෙන ජනතාවට විදුලිය ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 11ක ආංශික ප්‍රදානයක් ලබාදීමට ඉන්දීය රජය අනුමැතිය ලබාදී ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමේ කොන්දේසිවලට අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ආරාධනා කර ඇත්තේ ඉන්දීය කොන්ත්‍රාත්කරුවන්ට පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart