Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කලාවේ සහ කලාකරුවන්ගේ වෘත්තීය සංවර්ධනය, වෘත්තීයභාවය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගෙන ඒමට නියමිත නව නීති සම්බන්ධයෙන් යෝජනා සහ මහජන අදහස් ඉල්ලා සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
අමාත්‍යංශයට අනුව, අදාළ කර්මාන්තයට අනුබද්ධ පුද්ගලයන්ට සහ සංවිධානවලට ලබන වසරේ (2024) ජනවාරි 20 දක්වා සිය යෝජනා ඉදිරිපත් කළ හැකිය.
යෝජිත නීති සම්පාදනය වෘත්තීය සංවර්ධනය, කලාකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ කලාකරුවන් සහ විනෝදාස්වාද කර්මාන්තය සවිබල ගැන්වීම අරමුණු කරයි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ විසින් මෙම නීති සම්පාදනය සඳහා යෝජනා කර ඇත.
මේ මස මුලදී, කලාවේ සහ කලාකරුවන්ගේ වෘත්තීයභාවය සුරක්ෂිත කිරීම සඳහා නව නීති සහ අධිකාරියක් සහිත නව රාජ්‍ය ආයතනයක් පිහිටුවීම පිළිබඳ මූලික සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර, ඒ සඳහා අදාළ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.
කලාකරුවන්ගේ වෘත්තීයභාවය කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යෑමට අදාළව නව නීති සකස් කළ යුතු බවට මෙහිදී සාකච්ඡා වී තිබේ.
අමාත්‍යංශයට අනුව, එම කමිටුවට ලැබෙන පාර්ශවකරුවන්ගේ සියලුම යෝජනා සහ අදහස් ඇතුළත් වාර්තාවක් සකස්කර එය ජනවාරි 20 වැනිදාට පෙර අමාත්‍යංශයට ලබාදීමට සංගීතවේදී එඩ්වඩ් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව කටයුතු කරමින් සිටී.
යෝජිත රාජ්‍ය ආයතනය සිනමාව, ටෙලිනාට්‍ය, සංගීතය, වේදිකා නාට්‍ය, චිත්‍ර, කවි ඇතුළු සියලුම කලා ක්ෂේත්‍ර නියෝජනය කිරීමේ අධිකාරිය සහිත නව පනතක් මඟින් ස්ථාපනය කළ යුතු බවට යෝජනා වී ඇතැයි වාර්තා වේ.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart