Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා ඇතුළු අනෙකුත් කපුවන් දේවාලයට ලැබෙන රත්රන් සහ මුදල් නිවෙස්වලට රැගෙන යන බවට රටපුරා ප්‍රචාරය වීමත් සමග බැතිමතුන් පූජාවට්ටිවලට දහස් ගණනින් දුන් මුදල් 50%කින් පමණ අඩු කර ඇතැයි අරුණ පුවත්පත අනාවරණය කරයි.
මේ සම්බන්ධයෙන් අරුණ පළකර ඇති වාර්තාවට අනුව, ඒ වෙනුවට කතරගම මහා දේවාලයේ ප්‍රධාන කාර්යාලයේ ඇති මහරගම පිළිකා රෝහලේ සංවර්ධන අරමුදලට මුදල් පරිත්‍යාග කිරීමට බැතිමතුන් පෙළඹී ඇතැයි අනාවරණය වේ.
රන් තැටිය අතුරුදන්වීම සම්බන්ධව ප්‍රධාන කපුවා හා ගබඩාරාල වන චූටි කපුවා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දුන් නියෝගය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග බැතිමතුන් විසින් පූජාවට්ටිවලට රුපියල් දහස් ගණනින් මුදල් නෝට්ටු ලබාදීම නතර කර තිබේ.
මහා දේවාලයට ගොස් කපුවන් හමුවේ යාතිකා කිරීම වෙනුවට බැතිමතුන් කිරිවෙහෙර පසුපස දේවාලයට හා අභිනවාරාමයේ දේවාලයට යාමටද පටන්ගෙන ඇති බවද අනාවරණය වේ.
කතරගම දේවාලයට ගතවූ මාස 11 තුළ පඬුරු පෙට්ටියට බැතිමතුන් දමන කුඩා පඬුරු මුදල්වලින් පමණක් රුපියල් ලක්ෂ 3450ක් එකතුවී තිබිණි.
මේ වනතෙක් දේවාලයේ කපුවන් වෙත පූජාවට්ටි වෙත තබා පඬුරු ලෙස දෙන මුදල් මීට වඩා හතර පස් ගුණයකින් වැඩි බව අනාවරණය විය.
කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර ටී. සොමිපාල සති දෙකක් තිස්සේ අතුරුදන් වීම සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පසුගිය සිකුරාදා (22 වැනිදා) පැමිණි ප්‍රධාන කපුවාගේ මුණුපුරෙක් විසින් පැමිණිල්ලක් කර තිබිණි.
ඔහුව සොයාගැනීමට නොහැකිවීම නිසා දේවාලයේ කටයුතු අඩපණ වන බවත් එහි පෞරාණික දේවල්වලට ආරක්ෂාවක් නොවන බවත් පෙන්වාදෙමින් පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart