Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෑත කාලීන අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් බන්ධනාගාරවල රැඳවියන් පිරී ඉතිරී යෑම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විවිධ විකල්ප පියවර අත්හදා බලමින් සිටින බව වාර්තා වේ.
අලුතින් යොමුකෙරෙන රැඳවියන් විවෘත බන්ධනාගාර වෙත මාරු කිරීම ඒ අතුරින් එක පියවරකි.
පොලිස් දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය (STF) සමඟ එක්ව මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැකකරුවන් 13,000 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙසැම්බර් 17 සිට දෙසැම්බර් 24 දිනට සැකකරුවන් 13,666 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් 1,097 ක් පුනරුත්ථාපනය සඳහා යවා ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක කොමසාරිස් ගාමිණි දිසානායක The Morning වෙත පවසා ඇත්තේ, සිරගෙවල්වල සිදුවිය හැකි තදබදය වළක්වා ගැනීමට දෙපාර්තමේන්තුව දැනටමත් පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව නව බන්ධනාගාර ගොඩනැගිලි ඉදිකිරීම් කඩිනම් කිරීම හා භාවිතයට නොගත් බන්ධනාගාර ගොඩනැගිලි භාවිත කිරීමට අවධානය යොමුකර තිබේ.
දෙපාර්තමේන්තුව දැනට රැඳවියන් 28,000 ක් පමණ නඩත්තු කරන බවත්, එය සම්මත ධාරිතාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි බවත් ඔහු පැවසීය.
“දැනට අපේ බන්ධනාගාරවල රැඳවියන් 28,000ක් පමණ සිටිනවා. දෙසැම්බර් 19 වන විට සිරකරුවන් සංඛ්‍යාව 30,000 ඉක්මවා තිබෙනවා. නමුත් ඊයේ (25) රැඳවියන් 1000කට පමණ ජනාධිපති සමාව (නත්තල වෙනුවෙන්) හිමිවුණා. ඒ අනුව අපි දැන් සිටින්නේ වැඩි ඉඩක් අවශ්‍ය තත්ත්වයකය. කෙසේවෙතත්, නව ඉදිකිරීම් කිහිපයක් අවසන් අදියරේ පවතිනවා. එම ගොඩනැගිලිවල මෙන්ම දැනට භාවිතයට නොගන්නා ගොඩනැගිලිවලද නව රැඳවියන් ස්ථානගත කිරීමට බලාපොරොත්තු වෙනවා.”
දැනට කරගෙන යන නව බන්ධනාගාර ගොඩනැගිලි ඉදිකිරීම් කඩිනම් කරමින් මෙම ගැටලුවට විසඳුමක් ලෙස දැනටමත් බන්ධනාගාරගතව සිටින රැඳවියන් විවෘත බන්ධනාගාර වෙත මාරුකිරීමේ හැකියාව පිළිබඳව දෙපාර්තමේන්තුව සොයා බලන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart