December 25, 2023

පොලිස් සේවයට කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීම් වැඩිකිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කරයි.

මෑතකාලීන බඳවා ගැනීම්වලදී කාන්තා නිලධාරිනියන් බඳවා ගැනීම ක්‍රමයෙන් වැඩි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

සුදුසුකම් අවශ්‍යතා සපුරාලීම මත පදනම්ව පිරිමි නිලධාරීන්ට සාපේක්ෂව කන්තා නිලධාරිනියන්ගේ වැඩිවීමක් පවත්වා ගැනීමට අවධානය යොමුකර ඇති බව හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

බඳවා ගැනීම් හා පුහුණුවීම් දැනටමත් සිදුවෙමින් පවතින බවත්, ලබන වසරේ (2024) සිට තවත් නිලධාරීන් බඳවා ගන්නා බවත් ඔහු පවසයි.

කාන්තා පොලිස් නිලධාරිනියන් උසස් කිරීමේ ක්‍රියාවලියේ දක්නට ලැබෙන අසමානතා මඟහරවා ගැනීමේ අරමුණින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සමානාත්මතාවය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත නිර්දේශ කිහිපයක්ද නිකුත් කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන්, සියලුම තනතුරුවල 15%ක කාන්තා නිලධාරිනියන් සඳහා පුරප්පාඩු ඇති කිරීමට පියවර ගත යුතු බව සඳහන් වේ.(Sunday Morning)

42.31%
17.27%
32.76%