Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ දත්ත පද්ධතියේ තොරතුරු කොටසක් කිසියම් අයකු විසින් මකාදමා ඇතැයි වාර්තා වේ.
එම සමාගමේ සේවකයන් චෝදනා කරන්නේ, වෝහාරික විගණනයක් පැවැත්වීමට බලය පවරන ලද පෞද්ගලික ආයතනයක සේවකයකු විසින් මෙම දත්ත පද්ධතියේ තොරතුරු කොටස කිසියම් මකාදමා ඇති බවයි.
ඉන්ධන ආනයනය සහ බෙදාහැරීමේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවවේ සිදුවූ දූෂණ ආක්‍රමිකතා ඇත්නම් ඒ පිළිබඳ වෝහාරික විගණනයක් පවත්වා වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ තොග ගබඩා පර්යන්ත සමාගම වෙත කර තිබූ දැනුම්දීමකට අනුව මෙම වෝහාරික විගණනය පැවැත්වීම සඳහා ටෙන්ඩර් කැඳවා එමගින් අදාළ සමාගම වෙත එම කටයුත්ත පවරා තිබේ.
සේවකයන් පවසන පරිදි මෙම වෝහාරික විගණනය සඳහා තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම අභ්‍යන්තර විගණයකින් දුන් වියෂ පථය මෙම විගණනයට අදාළ ඉන්ධන තොග ආනයනය,ගොඩබෑම ,දෛනික ගබඩා වාර්තාවන් ආදී විෂය පථයේ සඳහන් නොමැති බැවින් එම පෞද්ගලික විගණන ආයතනයට ඒ සඳහා විගණන කටයුතු නොකරන ලෙස සමාගමේ සභාපතිවරයා දැනුම් දී ඇත.
රජයේ චක්‍රලේඛවලට සහ මුදල් අමාත්‍යංශ කාර්ය පටිපාටිවලට පරිබාහිරව අධ්යක්ෂ මණ්ඩලය ඊයේ දිනයේ තොග ගබඩා පර්යන්ත සමාගමේ දත්ත සැකසුම් අංශයේ සිටින ඉහළම නිලධාරියාට සේවා දිගුවක් ලබා දී ඇති බවට ද සේවකයෝ චෝදනා කරති.
දත්ත සැකසුම් කාර්යාංශය අකර්මණ්‍යතාවට පත්කළ, චෝදනා රාශියක් එල්ල වී සිටින එම කළමනාකාරවරයාට මානව සම්පත් කළමනාකරණ සේවා දිගුවක් ලබාදීම ගැටලු සහගත බවද සේවකයෝ පවසති.
ආයතනයේ ඩී.ආර්. සයිට් නමින් හඳුන්වන ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 285ක මිලදී ගැනීම් සිදුකර ඒවායේ දත්ත සංවර්ධන කටයුතු නිවැරදිව සිදු නොකිරීම සම්බන්ධයෙන් ද මෙම නිලධාරියාට චෝදනා පවතින බවද සේවකයෝ පවසති.
සේවකයන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ අදාළ සමාගමේ විගණන කටයුතු අතරතුර පසුගිය නොවැම්බර් මස 24 වැනි දින අලුයම 2.43ට ආසන්න වේලාවකදී විගණනය කළ යුතු දත්ත ගබඩා පරාසයන් සම්බන්ධ වන පද්ධති දත්ත ගබඩාවට ප්රවිශ්ඨ වූ අයකු එම පද්ධති තොරතුරු මකාදමා තිබෙන බවට විශ්වසනීය ආරංචි මාර්ගවලින් වාර්තා වන බවයි.
සේවකයන් ඉල්ලා සිටින්නේ, තොරතුරු මකාදැමීම පිටිපස අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වන බව හැඟීයන නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි .
ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක් යොමුකර මෙම වෝහාරික විගණනයට අදාළ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් නිවැරදි වාර්තාවක් ලබාගන්නා ලෙසත් එම වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරන ලෙසත් සේවකයෝ විෂය භාර ඇමැති කංචන විජේසේකර සහ බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart