December 23, 2023

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දෙරටේ විදුලිබල ජාල සම්බන්ධ කිරීම සඳහා ‘සබ්මැරීන කේබලයක්’ සම්බන්ධ කිරීම සඳහා එකඟ වී තිබේ.

ඒ සදහා අවශ්‍ය ‘උඩිස් සම්ප්‍රේෂණ රැහැන්’ එළීමේ ක්‍රියාවලිය මේ වන විටත් ක්‍රියාත්මක වේ.

ලංකා විදුලිබල මණ්ඩලය මෙම සතිය මුල සීමාසහිත පවර් ග්‍රිඩ් කෝපරේෂන් ඔෆ් ඉන්දියා සමාගම සමඟ පැවැත්වූ අතථ්‍ය සාකච්ඡාවකදී ජාල දෙක සම්බන්ධ කිරීම සඳහා මුහුද යට කේබලයක් සම්බන්ධ කිරීම පිළිබඳ ගිවිසුම සමඟ තාක්ෂණික වාර්තා සම්පූර්ණ කර ඇත.

කණු මත දිවෙන් විදුලි සම්ප්‍රේෂණ මාර්ග අනාගතයේදී නඩත්තු කිරීම සඳහා අමතර වියදම් වැයවන බවත්, මුහුද මැද කුළුණු ඉදිකිරීමේ දුෂ්කරතා පවතින බවත් ව්‍යාපෘතිය අධ්‍යයනය කරන විශේෂඥයන්ගේ මතය වී ඇතැයි දැනගන්නට තිබේ.

කෙසේවෙතත්, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන අවසන් සැලැස්ම තවමත් සකස් කර නොමැත.