December 23, 2023

මිනිසුන්ගේ මියයන දිනය ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති ‘ඩූම් කැල්කියුලේටර්’ නම් කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් (ඇල්ගොරිතමයක්) ගොඩනැගීමට පර්‍යේශකයන් කණ්ඩායමක් සමත්ව ඇත.

ඩෙන්මාර්ක රජයද මෙම පරේයේෂණයට සහාය දක්වා ඇති අතර රජයෙන් ලබාදුන් ලක්ෂ 60ක ජනතාවගේ
දත්ත ඩූම් කැල්කියුලේටර් වෙත ඇතුළත් කර තිබේ.

එහිදී එම දත්ත විශ්ලේෂණය කිරීමෙන් ඩුම් කැල්කියුලේටරය බොහෝ දේ ඉගෙනගෙන ඇත.

එලෙස ලබාගත් දැනුමෙන් පුද්ගලයන්ගේ ජීවිත ගමන් කරන දිශාව පිළිබඳ අනාවැකි පළකිරීමටද ඩූම් කැල්කියුලේටරය ඉගෙනගෙන තිබේ.

පරේශ්ෂක්ෂණයට සහභාගී වී 2020 වසර වන විට මිය යන බවට ඩූම් කැල්කියුලේටරය අනාවැකි පළකළ අයගෙන් සියයට 78 කට දුන් අනාවැකි සාර්ථක වූ බව පරේක්ෂකයන් කණ්ඩායම ප්‍රකාශ කර ඇත.

නමුත් කිසිම විටෙකත් එම පුද්ගලයන් මියයන බවට ඩූම් කැල්කියුලේටරය දුන් දින එම පුද්ගලයන්ට නොදැන්වූ බවද පරේක්ෂකයන් පවසා ඇත.(ලංකාදීප)