December 22, 2023

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා නම් නොකරන බවත්, රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකු සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රමුඛ චරිතයක් වන වීරතුංග, රටේ අරගලකාරී ආර්ථිකය නගාසිටුවීමට ජනාධිපතිවරයාට ඇති හැකියාව පිළිබඳව තමාට “කිසිදු විශ්වාසයක්” නොමැති බව ප්‍රකාශ කරන අතර, රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ දැඩි විවේචනයක් ඉදරිපත් කරයි.

රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ‘යහපාලන ආණ්ඩුව ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික දුක්ඛිත තත්ත්වයන් සඳහා, විශේෂයෙන්ම 2015 සිට 2019 දක්වා ඔවුන්ගේ පාලන කාලය තුළ ණයෙහි තියුණු ලෙස ඉහළ යෑම සම්බන්ධයෙන් වගකිවයුතු බව ඔහු පවසයි.

“අපේ පක්‍ෂය විසින් ජනාධිපතිතුමාව තෝරාගෙන තිබුණා. ඒ නිසා අපි එතුමාට සහය දෙන්න ඕන වෙලාවල් තියෙනවා. නමුත් එතුමා ආර්ථිකය ගොඩ නඟයි කියලා මට විශ්වාසයක් නැහැ.” යැයි වීරතුංග පෙන්වාදෙයි.

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයිද ඔහු අනාවැකි පළකරයි.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නම් කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව මට සහතිකයි. ඊට කළින් පාර්ලිමේන්තු මැතිවරණයක් අපි බලාපොරොත්තු වෙනවා.”

42.31%
17.27%
32.76%