Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙමළ ජනයා වෙනුවෙන් දේශපාලන විසඳුමක් සඳහා රජය සමඟ සාකච්ඡා කරන බවට වන ප්‍රකාශ ගෝලීය දෙමළ සංසදය ප්‍රතික්ෂේප කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ගෝලීය දෙමළ සංසදය පවසන්නේ, සුදුසු අවස්ථාවක එම කටයුත්ත භාරගත යුත්තේ තේරී පත්වූ දෙමළ නායකයන් බවයි.
ආගමික සහ වාර්ගික කණ්ඩායම් අතර වැඩි අවබෝධයක් ඇති කර ගැනීමෙන්, සැබෑ පාර්ශවකරුවන් ජාතික ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් සඳහා සාකච්ඡා කරන විට සැමට යහපත් ශ්‍රී ලංකාවක් පිළිබඳ සිය දැක්මට සහාය දැක්වීමට ඇති විරුද්ධත්වය, අවසන් ප්‍රතිඵලය කඩාකප්පල් කිරීමට හේතුවනු ඇතැයි විශ්වාස කරන බව ගෝලීය දෙමළ සංසදය පැවසීය.
සියලු ජනතාව සඳහා වඩා හොඳ ශ්‍රී ලංකාවක් සඳහා වූ හවුල් දැක්මක් සිය අපේක්ෂාව බව ද ඔවුහු ප්‍රකාශ කරති.
තම සංසදයේ ප්රකාශනය සියලු ප්‍රජාවන්ට අයත් විශාල පිරිසකට හඳුනාගත හැකි මාර්ගෝපදේශක ලේඛනයක් බව ඔවුන්ගේ මතයයි.
එබැවින් එය සාමය ගොඩනැගීම පිළිබඳ ජාතික සංවාදයක් සඳහා ප්‍රයෝජනවත් ආරම්භක ලක්ෂ්‍යයක් ලෙස කටයුතු කරනු ඇති බව ගෝලීය දෙමළ සංසදය පවසයි.
කෙසේවෙතත් දෙමළ ප්‍රජාවේ ඇතැමුන් ප්‍රකාශ කරන මෙවැනි වැරදි වැටහීම් හේතුවෙන් මෙය දේශපාලන විසඳුමක් සඳහා රජය හෝ රටේ අනෙකුත් නායකයන් සමඟ සාකච්ඡා කිරීමේ ක්‍රියාවලියක් නොවන බව සෘජුවම පැහැදිලි කිරීමට අවශ්‍ය බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart