December 21, 2023

පසුගිය වසර කිහිපය තුළ කොළඹ 7 (කුරුඳුවත්ත) ප්‍රදේශයේ ඉදිකිරීම් නියමිත ධාරිතාවට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකර තිබේද යන්න සොයාබැලීම සඳහා කොළඹ මහ නගර සභාව විශේෂ සමීක්ෂණයක් පවත්වයි.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන එවැනි සමීක්ෂණයක් සිදුවන බව තහවුරු කර ඇත.

“දැන් මාස තුනක පමණ කාලයක සිට අපි මේ සමීක්ෂණය කරනවා. ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද ඉදිකිරීම් හඳුනාගෙන ඒවා අදාළ බදු ක්‍රමවලට ඇතුළත් කිරීම අපේ අරමුණයි.” ඇය The Morning පුවත්පතට පවසා ඇත.

නිවැසියන්ගේ තොරතුරු මෙම සමීක්ෂණයේදී එක්රැස් නොකරන බව ඇය පවසයි.

“අපි මෙම සමීක්ෂණයේදී පදිංචිකරුවන්ගේ තොරතුරු රැස් කරන්නේ නැහැ. නාගරික සංවර්ධන අධිකාරිය තමයි එම සමීක්ෂණය සිදුකරන්නේ” යනුවෙන් ඇය සඳහන් කළාය.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් බදු ආදායම ඉහළ නැංවීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව තිබේ.

ඒ යටතේ රාජ්‍ය ආයතනවල අනවශ්‍ය වියදම් කපාහැරීම, පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම, ආදායම් බදු එකතු කිරීමේ ක්‍රමය පුළුල් කිරීම, මෙතෙක් බදු නොගෙවූ පාර්ශ්ව බදු ක්‍රමයට ඇතුළත් කිරීමේ වැඩසටහන් දියත් කිරීම ආදී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ.

කොළඹ ධනවතුන් වෙසෙන ප්‍රදේශයක් වන කුරුඳුවත්ත, ප්‍රමුඛ පෙළේ පාසල් සහ විශ්වවිද්‍යාල, රෝහල්, අමාත්‍යංශ සහ සංස්ථා ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන, ක්‍රීඩා ස්ථාන, තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල ඇතුළු රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, ආගමික ස්ථාන, පොදු උද්‍යාන සහ ස්මාරක වැනි විවිධ වැදගත් ස්ථානවලින් සමන්විත වේ.

42.31%
17.27%
32.76%