December 20, 2023

උගත් සහ ඉහළ පුහුණුවලත් වෘත්තිකයන් අධික බදු බර නිසා රටින් පිටවීම නව අර්බුදයකට තුඩු දී ඇති බව හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, 2024 අයවැය මගින් වැට් බද්ද වැඩි කිරීමෙන් පසු බදු ප්‍රතිපත්තිය 2024 දී ප්‍රධාන දේශපාලන ප්‍රශ්නයක් බවට පත්වීමට නියමිත බවයි.

ආර්ථිකයේ සහ රාජ්‍ය සේවයේ වැදගත් අංශ නියෝජනය කරන වෘත්තීය සංගම් සහ වෘත්තීය සමිති 40ක් පමණ මාස ගණනාවක් තිස්සේ ආදායම් බදු අඩු කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ කරන බව ඔහු පෙන්වා දුන්නේය.

අඩු බදු සිය රජයේ ප්‍රතිපත්තියේ මූලික හරයක් වූ බවත්, බදු අඩු කරන ලෙස ඉල්ලා සිටින්නේ ශක්තිමත් ආර්ථික මූලධර්ම මත බවත් ඔහු පැවසීය.

2006 සිට 2014 දක්වා මේ රට අත්විඳින ලද නව වසරක නොබිඳුණු ආර්ථික අභිවෘද්ධියට එය විශාල දායකත්වයක් ලබා දුන් බවත් මහින්ද රාජපක්ෂ සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඔහු ප්‍රකාශ කළේ තමන් නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවද වත්මන් රජයේ ප්‍රධානියා සහ රාජ්‍ය නායකයා විවිධ ප්‍රතිපත්ති සහිත වෙනස් දේශපාලන පක්ෂයක නායකයා බවයි.

මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික යුතුකම වන්නේ ඉදිරි ජාතික මැතිවරණයක් දක්වා ස්ථාවර ආණ්ඩුවක් තහවුරු කිරීම බව ද සිය නිවේදනය මගින් මහින්ද රාජපක්ෂ පෙන්වාදෙයි.

42.31%
17.27%
32.76%