Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය අර්ධද්වීපයේ කන්දරෝඩෙයි හෙවත් කදුරුගොඩ ප්‍රදේශයේ සිදුකළ පුරාවිද්‍යා කැණීමකින් වසර 3000ක් පමණ පැරණි ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාසයක් හමුවී තිබේ.
ක්‍රිස්තු පූර්ව 750 පමණ පැවති බවට විද්‍යාත්මකව කාල නිර්ණය කර ඇති මෙම ජනාවාසය පිළිබඳව පුරාවිද්‍යාත්මක කැණීම සිදුකර ඇත්තේ, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව ජර්මනියේ බොන් නුවර පිහිටි යුරෝපීය නොවන සංස්කෘතීන් අධ්‍යයන ආයතනය විසින් යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය සහ රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේද සහභාගිත්වයෙනි.
කදුරුගොඩ පුරාණ ජනාවාසයේ කැණීම් උපදේශකත්වය සහ මෙහෙයවීම ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙන්ම දැනට ජර්මනියේ යුරෝපීය නොවන සංස්කෘතීන් අධ්‍යයන ආයතනයේ පුරාවිද්‍යාඥයකු ලෙස කටයුතු කරන ආචාර්ය නිමල් පෙරේරා විසින් සිදුකරනු ලැබ ඇත.
2022/2023 වර්ෂවල කදුරුගොඩ පුරාණ ජනාවාස කැණීම් ආරම්භ කර ඇති අතර ජර්මනියට යවන ලද නියැදි සම්බන්ධයෙන් සිදුකළ කාබන් 14 කාල නිර්ණයට අනුව ක්‍රිස්තු පූර්ව 750 සහ ක්‍රිස්තු පූර්ව 400 දක්වා වූ කාලයක් අඛණ්ඩව පැවති පුරාණ ජනාවාසයක් මෙම ප්‍රදේශයේ පැවැතුණු බව සනාථ වී තිබේ.
බුද්ධෝත්පාද කාලයට සහ විජයාගමනයටත් පෙර ශ්‍රී ලංකාවේ දියුණු ජනාවාස පැවතී ඇති බවත් කෘෂිකාර්මික දිවිපෙවෙතක් ගතකළ, යකඩ සහ මැටි මෙවලම් භාවිත කළ පුරාණ ශිෂ්ටාචාරයක් යාපනය දිස්ත්‍රික්කයේ සියවස් ගණනාවක් අඛණ්ඩව පැවති බව මේ තුළින් සනාථ වී තිබේ.
අනුරාධපුර ඇතුළුනුවර, තිස්සමහාරාම, අකුරුගොඩ, වයඹ පළාතේ මාතොට සහ යාපනයේ කදුරුගොඩ සමකාලීන ජනාවාස පැවති බවට දැනටමත් තහවුරු වී තිබෙන බව ආචාර්ය නිමල් පෙරේරා ‘මව්බිම පුවත්පත’ ට පවසා ඇත.
ජර්මනියේ යුරෝපීය නොවන සංස්කෘතීන් අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය අරියානි සසෙක්ස්, යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිවබරි සහ රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය නුවන් අබේරත්න, කදුරුගොඩ කැණීම් ව්‍යාපෘතියේ සම්පත් දායකයන් ලෙස ක්‍රියාකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart