Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩිජිටල් ජාතික හැඳුනුම්පත වෙනුවෙන් සමාගමක් තෝරාගැනීමට මීට මාස 03කට පෙර දැන්වීම් පළකළ බවත්, ඒ සඳහා ඉන්දීය සමාගම් දෙකක් ලංසු ඉදිරිපත් කර තිබුණු නමුත් ලංසුකරුවන් ඒ සඳහා සුදුසුකම් නොලැබූ බව තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් පැවැසීය.
ජනමාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා ඒ පිළිබඳව මෙසේ සඳහන් කළේය.
“මාස 03කට පෙර අපි ඒ සඳහා දැන්වීම් පළකළා. ආයතන දෙකක් ඒ සඳහා ලංසු ඉදිරිපත් කළා. ඉන්දියාවේ ආයතන දෙකක්. නමුත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුවත් ඒ සඳහා සුදුසුකම් ලැබුවේ නැහැ. බොහෝ විට මේ වසර අවසානයේ දී ඒ සඳහා නැවත වරක් දැන්වීම් පළකරන්න අපි කටයුතු කරනවා. ප්‍රසම්පාදන කටයුතු අවසන් වුවහොත් බොහෝ විට ලබන වසරේ පළමු මාසය ඇතුළත අපට ලංසුකරුවෙකු තෝරාගන්න පුළුවන් වේවි.”
මෙහිදී ජනතාවට ඩිජිටල් හැඳුනුම්පතක් ලබාගැනීමට කොපමණ කාලයක් ගතවේ දැයි යනුවෙන් ජනමාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේ ඒ සඳහා කාලවක් ගතවනු ඇති බවයි.
“ඒකට කාලයක් ගත වේවි. මුලින්ම ඔබට ඒ සඳහා පද්ධතියත් තිබිය යුතුයි. ඒ සඳහා දත්ත එක්රැස් කළ යුතුයි. අඩුම තරමින් ඊට වසර 1 1/2 ක් වත් ගත වේවි.“
තාක්ෂණ රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (18) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
කෙසේවෙතත් මීට පෙර රජය නිවේදනය කර තිබුණේ 2024 වසරේ ආරම්භයේ සිට ඩිජිටල් ජාතික හඳුනුම්පත් ජනතාවට නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් බවයි.
ඉන්දීය රජයේ නියෝජිතයන් හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක අතර ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදී ඊට අදාළ එකඟතාවන්ට පැමිණි බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart