December 19, 2023

දෙසැම්බර් 13වැනිදා ඇතිවූ ආරක්ෂක ගැටළු සහ මන්ත්‍රීවරුන්ගේ වැඩ තහනම් කිරීම සම්බන්දයෙන් විපක්ෂයේ විරෝධතා හා සටන් පාඨ හමුවේ ඉන්දීය පාර්ලිමේන්තුව දැඩි ඝෝෂාකාරී තත්ත්වයකට පත්ව තිබේ.

Surpiya Sule, Danish Ali, Manish Tewari, Shashi Tharoor ඇතුළු තවත් ලෝක් සභා විපක්ෂ මන්ත්‍රීවරුන් 49 දෙනෙකුට අඟහරුවාදා සිට බලපැවැත්වෙන පරිදි ශීත ඍතු සැසියේ ඉතිරි කාලය සඳහා පාර්ලිමේන්තුව අත්හිටුවන ලදී.

මේ වනවිටත් ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 141 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව එරට ජනමාධ්‍ය වාර්තා කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් උල්ලංඝණය කිරීම සහ කිසිදු විවාදයකින් තොරව සභාව හරහා වැදගත් නීති ඉවත්කිරීමට උත්සාහ කරන බව පවසමින් කොංග්‍රසය භාරතීය ජනතා පක්ෂයට දෝෂාරෝපණය කරයි.

“අත්තනෝමතික මෝදි රජයක් විසින් ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් කුණු කූඩයට දමන” බව ඔවුහු වැඩිදුරටත් පවසති.