Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා මහා බැංකුව විසින් තහනම් කරන ලද පිරමීඩ යෝජනා ක්රමය තවදුරටත් රටපුරා ක්රියාත්මක වන බවට අනාවරණය වේ.
මෙම පිරමීඩ යෝජනා ක්රම සදහා සහභාගී වන සියලු දෙනාට දණ්ඩ නීති සංග්රහයට අනුව නීතිමය පියවර ගන්නා බව මුදල් රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය පසුගියදා ප්රකාශ කළේය.
Global Lifestyle Lanka (Pvt) Ltd සහ OnmaxDT යන ආයතන විසින් වසර ගණනාවක සිට මහ බැංකුව විසින් පැනවූ එම තහනම නොතකමින් පිරමීඩ ක්රම රට තුළ ක්රියාත්මක කර තිබේ.
එසේම, Tiens Lanka Health Care (Pvt). Ltd, Best Life International (Pvt). Ltd., Global Lifestyle Lanka (Pvt). Ltd., Mark-Wo International (Pvt). Ltd,VML International (Pvt). Ltd, Fast 3Cycle International (Pvt). Ltd. (F3C), Sport Chain App, Sports Chain ZS Society Sri Lanka,OnmaxDT and MTFE App, MTFE SL Group, MTFE Success Lanka (Pvt). Ltd. and MTFE DSCC Group (Pvt). Ltd. යන ආයතන මගින් ශ්රී ලංකා මහා බැංකුව විසින් තහනම් කරන ලද පිරමීඩ යෝජනා ක්රම ක්රියාත්මක කර ඇති අතර එම ආයතන සදහා බැංකු පනතේ 83 (සී) වගන්තියට අනුව නඩු පවරන බවත් ශ්රී ලංකා මහා බැංකුව ප්රකාශ කරයි.
බැංකු පනත උල්ලංඝණය කිරීම, අයථා පරිහරණය හා විශ්වාසය කඩ කිරීම යන චෝදනා මත රට පුරා විවිධ උසාවිවල මෙම ආයතනවලට එරෙහිව නඩු මේ වන විටත් ක්රියාත්මක වේ.
බැංකු පනතේ 83 (සී) වගන්තිය කඩකරන ඕනෑම පුද්ගලයකුට වසර 3ක සිරදඩුවමක්, රුපියල් මිලියනයකට නොවැඩි දඩයක් හෝ එම දඩුවම් දෙකටම යටත් වීමට සිදුවේ.
එසේම, පිරමීඩ යෝජනා ක්රම පවත්වාගෙන යෑමට හෝ ක්රියාත්මක කිරීමට තීරණය කර ඇති ආයතන සමඟ ගිවිසුම්වලට එළඹී ඇති බවට සමාජයේ ඇතැම් කොටස්වලින් කරන ප්රකාශයන් මහ බැංකුව ප්රතික්ෂේප කරයි.
කෙසේවෙතත් මෙම තහනම නොතකමින් තවදුරටත් පිරමීඩ යෝජනා ක්රම රටපුරා ක්රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart