Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දීප ව්‍යාප්තව දියත් කළ මෙහෙයුම්වලින් ගත වූ පැය 24 තුළ සැකකරුවන් 2,121ක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 232ක්, ගංජා කිලෝග්‍රෑම් 178ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 769ක්, ඈෂ් කිලෝග්‍රෑම් 35ක්, ගංජා පැල 30,550ක් සහ මත්පෙති 3,489ක් මෙසේ සොයාගත් බව පොලිසිය පවසයි.
මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 2,121 දෙනා අතරින් සැකකරුවන් 12 දෙනකු රැඳවුම් නියෝග යටතේ විමර්ශනය කෙරෙන අතර, ඉන් 116 දෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ IRC ලැයිස්තුවේ සිටිති.
මීට අමතරව සැකකරුවන් 05 දෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුද්ගලයන් 133 දෙනකු පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇත.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි දිවයින පුරා මෙම විශේෂ මෙහෙයුම ඊයේ (17) අලුයම 04 ට ආරම්භ කෙරිණි.
දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාශ 45ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහනට පොලිසිය, විශේෂ කාර්ය බළකාය (STF) සහ ත්‍රිවිධ හමුදාවේ සම්බන්ධීකරණය ඇතුළත් වේ.
පළාත් නවයම භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙම පුළුල් මෙහෙයුම අධීක්‍ෂණය සහ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart