Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත්, එයට අත තැබීමට හෝ සීමාකිරීමට කිසිවකුට ඉඩදිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
ජනතා පරමාධිපත්‍ය හා ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැක ගැනීම ද ආරක්ෂක හමුදාවට පැවරෙන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, වර්ගවාදී සහ ආගම්වාදී ලෙස වෙන්ව ක්‍රියා කිරීමට කිසිවකු උත්සාහ කරන්නේ නම් එය ශ්‍රී ලාංකීය අනන්‍යතාවට සිදුකරන හානියක් බව ද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ අධිකාරියට පත් කිරීමේ සහ විසිරයෑමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊයේ (17) පෙරවරුවේ එක්වෙමිනි.
දියතලාව යුද හමුදා විද්‍යා පීඨය වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුදා උත්තමාචාර පිරිනමමින් අභිමානවත් අයුරින් පිළිගැනිණි.
ජාතියටත් ශ්‍රී ලංකා යුද හමුදාවටත් වීරෝධාර නායකයන් බිහිකළ යුද හමුදාවේ විශිෂ්ටතම නිලධාරී පුහුණු ආයතනය වන දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ 98වන විසිරයාමේ පෙළපාලිය මෙය වන අතර පුහුණුව නිමකළ කැඩෙට් නිලධාරීන් 274 දෙනෙකු අධිකාරියට පත් කිරීම ඊයේ දින සිදු කෙරිණි.
විදේශ රටවල කැඩෙට් නිලධාරීන් 06 දෙනකුද පුහුණුව ලබා අධිකාරියට පත්වීම විශේෂත්වයකි.
කැඩෙට් නිලධාරීන්ගේ විසිරයෑමේ පෙළපාලිය පරීක්ෂා කිරීමට සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වූ අතර දක්ෂතම කැඩෙට් කණ්ඩායම වෙත ශූරතා පිළිගැන්වීම හා කැඩෙට් නිලධාරීන් වෙත අසිපත පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart