Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය සඳහා නව නායකයකු තෝරාගැනීමට අයැදුම්පත් කැඳවීමේදී මේ දක්වා අයැදුම්පත් දෙකක් පමණක් ඉදිරිපත් වී තිබූ නමුත් පසුව තවත් එක් අයැදුම්පත්‍රයක් ඉදිරිපත් වී තිබේ.
ඒ නැගෙනහිර පළාත නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී යෝගේෂ්වරන් නමැති අයගෙනි.
මීට පෙර පක්ෂයේ නායකත්වය සඳහා අයැදුම්පත් යොමුකර තිබුණේ එම්.ඒ. සුමන්තිරන් හා එස්. ශ්‍රීධරන් යන මන්ත්‍රීවරුන් දෙදෙනාය.
මේ අතරවාරයේ නැගෙනහිර පළාතෙන් නව සාමාජිකයකු පක්ෂයේ නායකත්වයට අයැදුම්පතක් ඉදිරිපත් කිරීමත් සමගම පක්ෂයේ නායකයා තෝරා ගැනීම ව්‍යාකූල මෙන්ම දැඩි තරගකාරී තත්ත්වයක් බවට පත්ව තිබේ.
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ වත්මන් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා වයෝවෘද්ධභාවය හා ඉතා දිගු කලක් පක්ෂයේ නායකත්වයේ කටයුතු කිරීම නිසා ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත.
ඒ අනුව පක්ෂය සඳහා නව නායකයකු තෝරා පත්කර ගැනීම පිණිස අයැදුම්පත් කැඳවා තිබේ.
ලබන ජනවාරි මාසයේදී වවුනියාවේදී පැවැත්වෙන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී නව පක්ෂ නායකයා තෝරා ගැනීමට ඡන්දය විමසීමට නියමිතව ඇත.
මේ අතර දැනට දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන ආර්. සම්පන්දන් මන්ත්‍රීවරයා ද දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ බව දැනුම් දී තිබේ.
ඒ අනුව මෙවරන්ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා බවට පත්වන පුද්ගලයා දෙමළ ජාතික සන්ධානයේ ද නව නායකයා විය හැකි බව එම පක්ෂයේ කීපදෙනෙක් ම සඳහන් කර සිටියහ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart