Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර මාරුවීමේදී කහ ඉරෙන් හැර වෙනත් කිසිම ස්ථානයකින් පාර මාරු නොවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
මේ වන විට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ දෙවන සම්මේලනය අමතමින් ඔහු පෙන්වා දුන්නේ, සිය පාක්ෂිකයන්ගේ කුමන හෝ වරදක් හසුකර ගැනීමට සමාජ මාධ්‍ය බලාසිටින බවයි.
කෙසේවෙතත් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය පොදුජන පෙරමුණ අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන බවද හෙතෙම අවධාරණය කළේය.
“ඒ වගේම මම එක ඉල්ලීමක් කරනවා ඔබ සියලුදෙනාගෙන්. ගමට යනකොට කරුණාකරලා, කහ ඉරෙන් ඇහැර වෙනත් වෙන කිසිම තැනකින් පාර මාරු වෙන්න එපා. මොකක් හරි අපේ වැරැද්දක් අල්ලගන්න සමාජ මාධ්‍ය බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඉතාම විනය ගරුකව මහින්ද රාජපක්ෂ මහතා අපිට කියා දුන්න උතුම් පාඩම අරගෙන අපේ පක්ෂය ආදර්ශමත් පක්ෂයක් හැටියට මේ ඉදිරි කාලේ කටයුතු කරමු. ඒකෙන් අපි නිවටයෝ කියලා හිතන්න එපා. අපිට ඒවටත් ඕන නම් සුදානම් කියන එක කියනවා. පාරේ දුවන බල්ලෙක්ට ගලක් ගැහුවොත් බල්ලා බුරලා තව හයියෙන් දුවනවා. හැබැයි සිංහයෙක්ට ගලක් ගැහුවොත් කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමා අපිත්. අපිට ගහන්න එපා ගල්. අපි බලාගන්නවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart