42.31%
17.27%
32.76%
December 15, 2023

මෙරට දරුවන්ගෙන් සියයට තුනක් කුහකයන් ලෙස උපදින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මේ වනවිට පැවැත්වෙන එම පක්ෂයේ දෙවැනි සමුළුවේදී පැවැසීය.

එසේ උපදින සියයට තුන කිසිදු වැඩක් හෝ රැකියාවක් නොකර, අනුන්ගෙන් යැපෙමින් ජීවත්වන අතර, රට වෙනුවෙන් කටයුතු කරන සියලු දෙනාට ‘හොරා’ යැයි පවසමින්, අවලාද නගමින්, බොරු චෝදනා නගමින් ජීවත්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එම සියයට තුන ‘අනගාරික ධර්මපාලතුමාගේ කාලයේත්’ සිටි බවත්, ‘එතුමාට හොරා’ කියූ බැවින් ඔහු ඉන්දියාවට ගොස් පැවිදි දිවියක් ගතකර අපවත් වූ බවත්, මහලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් සිදුකළ වැඩිදුර කතාබහ පහත වීඩියෝවෙන් දැක්වෙයි.

42.31%
17.27%
32.76%